ඉසුරු උදාන ක්‍රීඩා කරන බංග්ලා ටයිගර් කණ්ඩායම පරාජය කරමින් ටීම් අබුඩාබි කණ්ඩායමට විශිෂ්ට ජයක්.

2021 අබුඩාබි T10 ලීග් තරඟාවලියේ දෙවන තරඟය ලෙස Team Abu dhabi කණ්ඩායම හා Bangla Tigers කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 41ක ජයක් වාර්ථා කිරීමට Team abu dhabi කණ්ඩායම සමත් විය.(ඉසුරු උදාන ලබාගත් කඩුල්ලේ වීඩියෝව පහළින් නැරඹිය හැක)

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Bangla Tigers කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන් Team abu dhabi කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 146 ලබා ගැනීමට සමත් විය.

 

 

Team abu dhabi කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Paul Stirling පන්දු 23කදී වේගවත් ලකුණු 59ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 5ක් ඇතුළත් විය. ඊට අමතරව ක්‍රිස් ගේල් පන්දු 23කදි හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබාගැනීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී ඉසුරු උදාන සුපිරි පන්දු යැවීමට නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 2 තුලදී ලකුණු 14ක් පමණක් ලබාදී එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය. ඉසුරු උදාන යොමු කළ Team abu dabhi ඉනිමේ 9 වන පන්දුවාරය ලකුණු 4ක සීමාකිරීමට ද සමත්විය. ඊට අමතරව James Faulkner ලකුණු 23කට එක් කඩුල්ලක්ද, Benny Howell ලකුණු 20කට එක් කඩුල්ලක් ද ලබාගැනීමට සමත් විය.

 

 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Bangla Tigers කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණි. Bangla Tigers කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Andre Fletcher පන්දු 8කදී ලකුණු 24ක් ලබාගැනීමට සමත් වූ අතර, Hazratullah Zazai පන්දු 11කදී ලකුණු 18ක් ලබා ගැනීමට සමත් විය. ඉසුරු උදානට ලබාගත හැකි වූයේ ලකුණු 15ක් පමණි.

 

 

Team Abu dhabi කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමට නිරත වූ Marchant De Lange පන්දුවාර 2 අවසානයේදි ලකුණු 23කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය. ඊට අමතරව Liam Livingstone හා Jamie Overton එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් විය.

 

ඒ අනුව තරඟය ලකුණු 41කින් Team Abudabi කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වූයේ ලකුණු 23කට කඩුලු 5ක් දවා ගත් Marchant De Lange වේ.

 

 

ඉසුරු උදාන ලබාගත් කඩුල්ලේ වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *