ඉසුරු උදාන, පලමු පන්දුවෙන්ම යෝකර් පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගනී. – (වීඩියෝ)

2021 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 9 වන තරඟය ලෙස ඊයේ (31) පැවතී Trinbago Knight Riders කණ්ඩායම හා St Lucia Kings කණ්ඩායම අතර තරඟයේ ලකුණු 27ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට Trinbago කණ්ඩායම සමත් වුණා.


කාසියේ වාඩිය දිනාගනිමින් st lucia kings කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, පලමුව පන්දුවට පහරදුන් Trinbago කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලබාගැනීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස  Kieron Pollard පන්දු 29කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 41ක් ලබාගත් අතර, Tim Seifert පන්දු 25කදි ලකුණු 37ක් හා Sunil Narine පන්දු 32කදී ලකුණු 24ක් ලබා ගැනීමට සමත් විය.


පන්දු යැවීමේදී st lucia kings කණ්ඩායම වෙනුවෙන් Kesrick Williams පන්දුවාර 4කදි ලකුණු 24ක් පමණක් ලබා දී කඩුලු 4ක් ලබාගැනීමට හැකි වූ අතර, Wahab Riaz, Alzarri Joseph , Roston Chase එක් කඩුල්ල බැඟින් ලබා ගැනීමට සමත් විය.


ඉන් අනතරුව ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී St lucia kings කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 131ක් පමණි. st lucia kings කණ්ඩායම වෙනුවෙන් Andre Fletcherට පමණක් සාර්ථක වීමට හැකි වූ අතර ඔහු විසින් පන්දු 55දී හතරේ පහර 6ක් හා හයේ පහර 4ක් සමඟින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 81ක්. අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් පැමිණීමට අසමත් වූ අතර තරඟය ලකුණු 27කින් පරාජයට පත් වීමට සිදුවිය.


Trinbago කණ්ඩායම වෙනුවෙන් Ravi Rampaul කඩුලු 3ක් ලබාගත් අතර, ශ්‍රී ලංක හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන පන්දුවාර 4කදී ලකුණු 32ක් ලබාදෙමින් කඩුලු 2ක් ලබා ගැනිමට සමත් විය.

මෙම තරඟයේ ඉසුරු උදාන St lucia kings කණ්ඩායමේ ආරම්භක පිතිකරු රකීම් කෝන්වෝල්ගේ කඩුල්ල දවා ගැනීමට යොමු කළ සුපිරි යෝකර් පන්දුව ගැන කාගේත් කතා බහට ලක් වූ අතර එම වීඩියෝව ඔබට පහළින් නැරඹීමට හැකියි.

 

 

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භයේ සිටම දස්කම් දක්වන ඉසුරු උදාන මේ වන විට වැඩිම කඩුලු ලාභීන් අතර තුන්වන ස්ථානයේ පසුවන අතර ඔහු විසින් ඉනිම් 4කදී කඩුලු 8ක් දවා ගැනීමට සමත් වී ඇත. R Rampaul හා Migael Pretorius කඩුලු 9 බැඟින් ලබාගනිමි ඉහළින් රැඳී සිටී.

වීඩියෝව.

Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඉසුරු උදානගේ චායාරූප කිහිපයක්.

1)

2)

3)

4)

5)

6)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *