ඊලඟ තරඟයේදී ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියකා මට විශ්වාසයි – දසුන් ශානක

ශ්‍රී ලංකා – ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය මේ වන විටත් තරඟ 2/0ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කර ඇති අතර තරඟවලියේ අවසන් එක්දින තරඟයට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් අද (22) මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඊලඟ තරඟය පිලිඹඳව සාකච්ඡා කෙරුණා.

එහිදී, දසුන් ශානක විසින් තුන්වන තරඟය සඳහා කසුන් රාජිත ආබාධ තත්වයක් හේතුවෙන් ක්‍රීඩා නොකරන බව පැවසූ අතර දෙවන තරඟය ක්‍රීඩා කළ කණ්ඩායමෙන් ක්‍රීඩකයින් දෙකක් විතර වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

චරිත් අසලංක හා චාමික කරුණාරත්න හොඳින් පන්දුවට පහරදීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට පිතිකරණ ලැයිස්තුවේ ඉහළින් ක්‍රීඩා කරවීමට බලාපොරොත්තුවක් තිබෙනවා ද යන්න මාධ්‍යවේදියෙක් අසන ලද ප්‍රශ්නයකට දසුන් ශානක ඉදිරිපත් කළේ මෙවැනි ආකා‍රයටය.

(Photo by Pat Elmont – ECB/ECB via Getty Images)

“එංගලන්තයේදී චරිත් අසලංක නම්බර් 03 ක්‍රීඩා කරන කොට බලාගෙන හිටපු ගොඩාක් කට්ටිය කියවා චරිත් අසලංක ජාත්‍යන්තර මට්ටමේ නැහැ කියලා. නමුත් මම තේරීම් කමිටුව එක්කයි පුහුණුකරු එක්කයි කතා කරලා නම්බර් 05 බැට් කරන්න අවස්ථාව ලබා දුන්නා. මම හිතනවා අසලංක එම ස්ථානයේ ක්‍රීඩා කරලා හොඳින් අත්දැකීම් ලබාගත්තට පස්සේ නම්බර් 03 පිතිකරණයේ යෙදෙන්න පහසු වෙයි කියලා.”

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

“චරිත් අසලංක වගේම චාමික කරුණාරත්නත් ගොඩක් හොඳින් පිතිකරණයේ යෙදෙනවා. එයා හොඳ ඉනිම් ෆිනිශර් කෙනෙක් කියල පෙන්නලා තියනවා. ඉතින් අපි එයාට ඒ දේ කරගෙන යන්න දෙන්න ඕනේ. එයාලට එක් ස්ථිර ස්ථානයක් ලබා දුන්නට පස්සේ ඒගොල්ලන්ටත් විශ්වාසයක් ඇති වෙනවා. එතකොට එයාලට හොඳින් දක්ශතා දක්වන්න පුලුවන් වෙනවා.”

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

කණ්ඩායමක් විදිහට ගත්තාම අපි ලොකු වර්ධනය වීමක් පෙන්නුම් කළා. ආයේශ කළ ක්‍රීඩකයින් හැමෝම අවස්ථාවට හොඳින් ක්‍රීඩා කළා. පහුගිය තරඟ දෙකේදී අපි ලකුණු 262 , 275ක් ලබාගත්තා. ඊලඟ තරඟයේ අපි තව ටිකක් උඩ ලකුණු ප්‍රමාණයක් ලබාගත්ත උත්සහ කරනවා. අපි කණ්ඩායමක් විදිහට මොනවද කරන්න ඕනේ කියලා තීරණ අරගෙන තියනවා. ඒ වගේම පන්දු යවන්න ද හොඳ සූදානමකින් සිටිනවා. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම අපිට ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා.

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

මම නායකයෙක් විදිහට ක්‍රීඩකයින්ගේ විශ්වාසය ඇති කරලා තියනවා. ඒ විදිහට ක්‍රීඩකයින්ට විශ්වාසය ගොඩනැගුවාට පස්සේ අපිට ක්‍රීඩකයිගෙන් දක්ශතා දැකගන්න පුලුවන් කියන මතයේ මම ඉන්නවා.

එදා තරඟයෙන් අනතුරුව ක්‍රීඩා පිටියේදී වුණේ ඩ්‍රසින් රූම් එකේ වෙන්න ඕන දෙයක්. පුහුණුකරු මිකී ආතර්ට දැනගන්න ඕන වුණේ අපි ප්ලෑන් කරපු දේවල් වලින් පිටතට ගියාද කියන එක. මම කිව්වා අපේ ප්ලෑන් වලින් අපි පිටට ගියේ නැහැ කියලා. මම දැක්කා එම වීඩියෝව ගොඩාක් තැන් වල ශෙයාර් වෙලා තිබුණා. අපි දෙදෙනා අතරේ උණුසුම් කතා බහක් ඇති වුණේ නැහැ.

එදා මමයි, චාමික කරුණාරත්නයි බෝල් කරලා තරඟය පරාජයට පත් වුණානම්, කට්ටිය කියන්න තිබුණා “අපරාදේ කසුන් රාජිතයි, ලක්ශාන් සඳකැනුත් හිටියා, එයාලට බෝල් කරන්න දෙන්න තිබුණා” කියලා. අපිට හැමවෙලේම කියන්න බෑ මේ දේ වුනානම් හොඳයි කියලා. අපි හැමෝම ඉන්නේ ජයග්‍රහණය පිපාසයෙන්. ක්‍රීඩකයින්, පුහුණුකරුවන් වගේම රටේ මිනිස්සු හැමෝම බලාගෙන ඉන්නේ තරඟ ජයග්‍රහණය කරනකන්.

අපි පහුගිය කාලයේම තරඟ ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා. ඒ වුණාට අපිට තරඟ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා අමතක වෙලා නැහැ. මට විශ්වාසයක් තියනවා මේ කණ්ඩායම එක්ක අපිට අනිවාර්යයෙන්ම තරඟ ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා. ඒක අපි දැනටමත් යම් මට්ටමකට පෙන්නලා තියනවා.

කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර වගේ හොඳ වේග පන්දු යවන්නෙක් ක්‍රීඩා කරනවානම් හොඳයි. නමුත් පහුගිය කාලයේදී තිබුණ ආබාධ තත්වයන් හේතුවෙන් ඔහු තවම ක්‍රීඩා කිරීමට සූදානම් නැහැ කියලා මම හිතනවා. මම නායකයෙක් විදිහට දුශ්මන්ත චමීර එක්ක ලහිරු කුමාර ක්‍රීඩා කරනවානම් කැමැතියි. නමුත් ඔහුට තව කාලයක් ලබාදිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.

(Photo by Jono Searle/Getty Images)

ඊලඟ තරඟය ගත්තොත් මේ වන විට කසුන් රාජිත ආබාධයකට ලක් වෙලා තියනවා. ඔහු වෙනුවට ඊලඟ තරඟයේ වෙනත් ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරවීමට බලාපොරොත්තු වෙනවා. එදා තරඟය ක්‍රීඩා කළ කණ්ඩායමේ ලොකු වෙනසක් කරන්නේ නැහැ. ක්‍රීඩකයින් දෙදෙනෙක් විතර වෙනස් වීමට ඉඩ තියනවා.

(AP Photo/Eranga Jayawardena)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *