උපුල් තරංගගෙන් අර්ධ ශතකක්. ආසියා ලයන්ස් කණ්ඩාම අවසන් මහා තරඟයට.
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) 2023 ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ Eliminator තරඟය ලෙස පැවතී ආසියා ලයන්ස් කණ්ඩායම හා ඉන්දියා මහරාජාස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 85ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගනිමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට ආසියා ලයන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Shahid Afridi පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 191ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී, සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 31කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, Mohammed Hafez පන්දු 24කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද Asghar Afghan පන්දු 24කදී ලකුණු 34ක් ලබාගත් අතර, තිලකරත්න ඩිල්ශාන් පන්දු 26කදුඉ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් හා තිසර පෙරේරා පන්දු 12කදී හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 24ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Pragyan Ojha පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් දවාගත් අතර, Stuart Binny ලකුණු 38කට කඩුලු 2ක් හා Pravin Tambe ලකුණු 13කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්වුණා.
අනතුරුව ලකුණු 192ක දැවැන්ත ලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඉන්දියා මහරාජාස් කණ්ඩායමට පන්දුවාර 16.4 අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 106ක් පමණයි.
මහරාජාස් ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා නායක Gautam Gambhir පන්දු 17කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 32ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව සුරේෂ් රයිනා පන්දු 29දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් හා ආරම්භක පිතිකරු Robin Uthappa පන්දු 10කදී ලකුණු 15ක් ලබාගත් අතර Mohammed Kaif ලකුණු 14ක් ලබාගැනීමට සමත්විය. අන්කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟාවීමට ආසියා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී Mohammed Hafeez පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 21කට කඩුලු 2ක් හා Sohail Tanvir ලකුණු 25කට කඩුලු 2ක් දවාගත් අතර, Abdur Razzak ලකුණු 27කට කඩුලු 2ක් හා ඉසුරු උදාන , ශහීඩ් අෆ්‍රෙඩී, තිලකරත්න ඩිල්ශාන් එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.
ඒ අනුව, ඉන්දියා මහරාජාස් කණ්ඩායමට එරෙහිව ලකුණු 85ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනිමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට ආසියා ලයන්ස් කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ අර්ධ ශතකයක් ලබාගත් උපුල් තරංග වේ.
සම්පූර්ණ තරඟයේ Highlights මෙන්න, (Video)