උපුල් තරංගගේ හා T.M ඩිල්ශාන්ගේ වේගවත් අර්ධ ශතක ලයන්ස් කණ්ඩායමට ජයගෙන එයි.

(වීඩියෝ පහළින්ම නැරඹිය හැකිය) 2023 ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලෙස පැවතී ආසියා ලයන්ස් කණ්ඩායම හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගනිමින් ශූරතාවය දිනාගැනීමට ආසියා ලයන්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 147ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී, සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jacques Kallis අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 54කට මුහුණදෙමින් හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, රෝස් ටේලර් පන්දු 33කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබාගැනීමට සමත්වූ අතර ආරම්භක පිතිකරු Lendl Simmons පන්දු 16කදී ලකුණු 17ක් රැස්කරගැනීමට සමත්වුණා. නායක ශේන් වොට්සන් හට ලබාගැනීමට ලකුණු ලබාහැකිවූයේ නෑ

 

 

පන්දු යැවීමේදී Abdur Razzak පන්දුවාර 4 අවසානයේදී ලකුණු 14කට කඩුලු 2ක් දවාගත් අතර, තිසර පෙරේරා පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 22කට එක් කඩුල්ලක් බිඳ දැමූවා. තිසර පෙරේරා විසින් ලබාගනු ලැබූවේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි රෝස් ටේලර්ගේ කඩුල්ලයි.

 

 

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණී ආසියා ලයන්ස් කණ්ඩායම පන්දුවාර 16.1කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 148ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

ආසියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිලකරත්න ඩිල්ශාන් වේගවත් අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 42කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, උපුල් තරංග ද වේගවත් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූයේ තිලකරත්න ඩිල්ශාන් සමඟින් ආරම්භක කඩුල්ලට ලකුණු 115ක විශිෂ්ඨ සබඳතාවක් ද ගොඩනඟමිනි. එහිදී උපුල් තරංග පන්දු 28කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් රැස්කරගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී, Brett Lee , Samith Patel හා Monty Panesar එක් කඩුල්ල බඟින් බිඳ හෙලීය.

ඒ අනුව, දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගැනීමට ආසියා ලයන්ස් කණ්ඩායම සමත්වූ අතර, තරඟාවලියේ වීරයා සම්මානය තරඟාවලිය පුරාවට ලකුණු 221ක් ලබාගත් උපුල් තරංග දිනාගනු ලැබුවා.

 

 

උපුල් තරංගගේ හා තිලකරත්න ඩිල්ශාන්ගේ විශිෂ්ඨ ඉනිම් දෙක වීඩියෝ මෙන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *