එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට සුදුසු ශ්‍රී ලංකා කණ්ඩායම ටී.එම් ඩිල්ශාන් විසින් නම් කරයි.
රසල් ආනෝර්ඩ්ගේ Chilling with Russel යූටියුබ් නාලිකාවේ අද පැවතී සජීවී වැඩසටහන සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු හා ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක ටී.එම් ඩිල්ශාන් සහභාගී වුණා.
රසල් ආනෝර්ඩ් විසින් අද තරඟය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමටනම් ක්‍රීඩා කළ යුතු ආකාරය පිලිඹඳව ඇසූ විට ටී.එම් ඩිල්ශාන් ප්‍රකාශ කළ සිටියේ පලමු පන්දුවාර 6, එනම් පවර්ප්ලේ එක ඉතාමත් වැදගත් බවයි.
“එංගලන්ත කණ්ඩායම මොන විදිහට සෙල්ලම් කරත් අපි ගහන්න ඕනේ අපිට ආවේණික විදිහට. අපි පලවෙනි පන්දු වාර 6 දී ලකුණු ගැන බලන්නැතුව දෙන්නැතුව සෙල්ලම් කරන එක තමයි වටින්නේ. මොකද, පටන් ගත්ත වෙලාවෙම කඩුලු වැටුනොත් අපිට අන්තිම ඕවර් වල හොඳින් බැට් කරගන්න බැරි වෙනවා.”
තිලකරත්න ඩිල්ශාන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමක් නම් කළ අතර එහි ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් ජනිත්ව යෝජනා කල අතර, නමුත් නොම්බර් 03 ක්‍රීඩා කිරීමට කිසිවෙක් නොමැති බැවැන් කුසල් ජනිත් පෙරේරාට නොම්බර් 03 ක්‍රීඩා කිරීමට සිදුවන බව ඩිල්ශාන් විසින් ප්‍රකාශ කර සිටියා.
“අපේ මුල් 4,5 දෙනාම ගත්තොත් හැමෝම ඉන්නේ ඕපනර්ස්ලා. ඉතින් කවුද ඕපනින් කරන්නේ කියලා අපිට හිතාගන්න බැහැ. මම පෞද්ගලිකව කැමතියි කුසල් ජනිත් ඕපන් කරනවනම්. මොකද කුසල් වේගෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. නමුත් නම්බර් 3 සෙල්ලම් කරන්න ක්‍රීඩකයෙක් නැති නිසා මම හිතන විදියට කුසල් ජනිත්ට නම්බර් 3 සෙල්ලම් කරන්න වෙයි.”

ඒ විදියට බැලුවොත් මගේ කණ්ඩායමේ ඉනිම ආරම්භ කරන්නේ දනුශ්ක ගුණතිලක එක්ක අවිශ්ක ප්‍රනාන්දු.
නිරෝශන් දික්වැල්ලව මම නොම්බර් 04ට දානවා. මොකද ඔහුට ස්වීප්, රිවර්ස්වීප්, ස්කූප් වගේ ගොඩාක් පහරවල් තියනවා. දැන් අපේ කණ්ඩායමේ හොඳටම රිවර්ස්වීප් එක ගහන්නේ දික්වැල්ල. දික්වැල්ලට නොම්බර් 04 දීලා කියන්න ඕනේ පන්දුවාර 12ක් විතර සෙල්ලම් කරන්න කියලා. නම්බර් 5,6 පිතිකරුවන් බැට් කරන්න එන කොට බෝල් කරන්න ඉන්නේ හොඳ වේගපන්දු යවන්නන්. ඒ නිසා ඔහුට 5,6 සෙල්ලම් කරන්න බැහැ.
ඩිල්ශාන් විසින් නම් කළ කණ්ඩායම –
දනුශ්ක ගුණතිලක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් ජනිත්
නිරෝශන් දික්වැල්ල
දනන්ජය ද සිල්වා
ඕෂධ ප්‍රනාන්දු
දසුන් ශානක
වනිඳු හසරංග
ඉසුරු උදාන
දුශ්මන්ත චමීර
නුවන් ප්‍රදීප්
මගේ ටීම් එකේ කුසල් මෙන්ඩිස් නැහැ.
යොවුන් ක්‍රීඩක දනන්ජය ලක්ශාන් පිළිඹඳව චමරි අතපත්තු හා තිලකරත්න ඩිල්ශාන් යන දෙදෙනාම විසින් ප්‍රකාශ කර සිටියේ පලමු තරඟය හේතුවෙන් ඔහුට අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි.
“දනන්ජය ලක්ශාන් ලංකා ප්‍රිමියර් ලීග් එකේදිත්, T10 එකේදිත් හොඳට සෙල්ලම් කරා. දනන්ජය ලක්ශාන් සෙල්ලම් කරනවානම් දසුන් ශානකගේ ස්ථානයේ සෙල්ලම් කරන්න වෙන්නේ. නමුත් පලවෙනි තරඟය නිසා එක්ස්පීරියන් ක්‍රීඩකයෙක් විදියට දසුන් ශානක එක්ක සෙල්ලම් කරයි කියලා.” – චමරි අතපත්තු
“දනන්ජය ලක්ශාන් T20 මැච් 29ක් සෙල්ලම් කරලා තියනවා. ලකුණු 290ක් වගේ තමයි ලබාගෙන තියෙන්නේ. එතකොට ඇවරේජ් එක 15යි. ඉන්ටර්නෙට් ලෙවල් එකට එනවනම් 50 දෙක තුනක් ගහලා ෆෝම් එකේ ඉන්න අයව තමයි ගන්න ඕනේ. ඉතින් පලවෙනිම තරඟය නිසා අලුත් කෙනෙක් එක්ක සෙල්ලම් කරන එක සුදුසු නැහැ. ඒ නිසා තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනා විදියට දසුන් ශානක හා ඉසුරු උදාන සෙල්ලම් කළ යුතුයි.” – තිලකරත්න ඩිල්ශාන්

no sandun weerakkodi, no anjelo perera, no janith. those are the players who scored highest in first-class competition In Sri Lanka. despite them, failures were selected