එංගලන්තයට එරෙහි ඉතිරි තරඟ වලදී කුසල් මෙන්ඩිස් හට උසස්වීමක් ලැබෙන ලකුණු.

ශ්‍රී ලංකා – එංගලන්තය අතර විස්සයි විස්ස හා එක්දින තරඟාවලියේ විස්සයි විස්ස තරඟ දෙකක් මේ වන විට අවසන් වී ඇති අතර එම තරඟ දෙකම පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

(Photo by Julian Finney/Getty Images)

තරඟ දෙකේදීම පිතිකරුවන් හට දස්කම් දැක්වීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හට තරඟ දෙකේදිම ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 9ක් පමණි. (0,9) මේ වන විට අවිශ්ක ප්‍රනාන්දු ආබාධිත තත්වයක් හේතුවෙන් තුන්වන විස්සයි විස්ස තරඟය හා එක්දින තරඟාවලියද අහිමි වී ඇති බව වාර්ථා වෙනවා.

ඒ නම්බර් 04 ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් හට අද තරඟයේදී ආරම්භක පිතිකරුගේ කාර්යය පැවැරෙනු ඇති බවට වාර්ථා වන අතර මීට පෙරද ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කර දස්කම් අතරට පැමිණීමට හැකි වී තිබෙනවා.

කුසල් මෙන්ඩිස් ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ තරඟ 28න් තරඟ 13ක් ආරම්භ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 378ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. පිතිකරණ සාමාන්‍යය 29.08ක් ලෙස වාර්ථා වන අතර පන්දුවට පහරදීමේ වේගයද 142.64ක් වේ. ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කර අර්ධ ශතක 5ක් ලබාගැනීමටද සමත් වී ඇති අතර ඔහුගේ වැඩිම ලකුණු සංඛාව වන ලකුණු 79 ලබාගෙන ඇත්තේද ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමෙනි.

ඊට අමතරව නම්බර් 03 ස්ථානයේ ඉනිම් 5ක් ක්‍රීඩා කරමින් ලකුණු 43 ක් ද, (Ave – 8.60) නම්බර් 04 ඉනිම් 6ක් ක්‍රීඩා කරමින් ලකුණු 81ක් ද, (Ave – 13.50) නම්බර් 05 ඉනිම් 2ක් ක්‍රීඩා කරමින් ලකුණු 27ක් ද, (Ave – 13.50) නම්බර් 06 ඉනිම් 2ක් ක්‍රීඩා කරමින් ලබාගැනීමට හැකිවී ඇත්තේ ලකුණු 03ක් ( Ave – 1.50) ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *