එංගලන්තයේ පැවැත්වන පන්දු 100 තරඟාවලියේ Player Draft සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 21ක්.

ඉන්දියාවේ ආරම්භක වුන IPL තරඟාවලියෙන් අනතුරුව ලොව වටා ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ද ලීග් තරඟාවලි ක්‍රීඩා කිරීම ආරම්භක කළ අතර, T20 , T10 තරඟාවලි ආරම්භක වීමෙන් අනතුරුව නවතම තරඟාවලියක් වන පන්දු 100 (THE HUNDRED) තරඟාවලිය ප්‍රථම වරට 2021 දී එංගලන්තයේදී ආරම්භක විය.

 

 

ඒ සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වූ අතර එම කණ්ඩායම් 8 වනුයේ Manchester Originals, Northern Superchargers, Birmingham Phoenix, Trent Rockets, Welsh Fire, London Spirit, Oval Invincibles හා Southern Brave වේ. මේ අතරින් ගියවර ශූරතාවය දිනාගනු ලැබූයේ Southern Brave කණ්ඩායම වේ.

 

 

තරඟාවලියේ දෙවන අදියර එනම් මෙම වසරේ පැවැත්වීමට නියමිත තරඟාවලිය ද කණ්ඩායම් 8කින් හා තරඟ 58කින්, අගෝස්තු මස 03 වන දින සිට අගෝස්තු 31 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සකස්කර ඇත.

තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම අප්‍රේල් මස 05 වන දින පැවැත්වීමට නියමිත වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 21 දෙනෙක් ලියාපදිංචි වී ඇති බවට වාර්ථා වෙනවා.

 

 

මේ සඳහා මේ වන විට කණ්ඩායමේ සිටින කැපීපෙනන දස්කම් දක්වන ක්‍රීඩකයින් මෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුද Player Draft වටය සඳහා ඉදිරිපත් වන අතර, මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් සුරංග ලක්මාල් ද මෙම Player Draft වටයද ඉදිරිපත් වීමට නියමිතයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා කඩුලු රැකීමට හැකි පිතිකරු කුසල් මෙන්ඩිස් , තුන්ඉරියව් ක්‍රීඩක දුශ්මන්ත චමීර , මෙවර චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩ කරන මහීශ් තීක්ශණ යන ක්‍රීඩකයින් මෙම Player Draft සඳහා ඉදිරිපත් වී නැත.

 

 

ඒ අනුව, පන්දු 100 තරඟාවලියේ (THE HUNDRED) Player Draft සඳහා ඉදිරිපත් වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 21 පහළින්,

1.වනිඳු හසරංග (£50,000)

 

 

2.භානුක රාජපක්ෂ (£50,000)

 

 

3.තිසර පෙරේරා (£40,000)

 

 

4.දසුන් ශානක (£40,000)

 

 

5.අශේන් බණ්ඩාර

 

 

6.මිනෝද් භානුක

 

 

7.දිනේශ් චන්දිමාල්

 

 

8.නිරෝෂන් දික්වැල්ල

 

 

9.ලසිත් ඇඹුල්දෙනිය

 

 

10.අවිශ්ක ප්‍රනාන්දු

 

 

11.බිනුර ප්‍රනාන්දු

 

 

12.අසේල ගුණරත්න

 

 

13.ධනුශ්ක ගුණතිලක

 

 

14.දුශාන් හේමන්ත

 

 

15.ලහිරු කුමාර

 

 

16.සුරංග ලක්මාල්

 

 

17.ලහිරු මධුශංක

 

 

18.රමේශ් මෙන්ඩිස්

 

 

19.පැතුම් නිස්සංක

 

 

20.ලක්ශාන් සඳකැන්

 

 

21.ඉසුරු උදාන

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *