එංගලන්තය පරදා පස්වන T20 තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගනී.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ (30) පැවතී 5වන තරඟයෙන් ලකුණු 17ක ජයක් වාර්ථා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

 

(Photo by RANDY BROOKS/AFP via Getty Images)

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 179ක් ලබාගැනීමට සමත්විය.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක Kieron Pollard පන්දු 25කදී හතරේ පහරක් හා හයේ පහරවල් 2ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබාගැනීමට සමත් වුණා.

 

(Photo by Gareth Copley/Getty Images)

ඊට අමතරව, ආරම්භක පිතිකරු Brandon King පන්දු 31කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර, ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Rovman Powell පන්දු 17කදී හතරේ පහරක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය.

 

 (Photo by RANDY BROOKS/AFP via Getty Images)

පන්දු යැවීමේදී Adil Rashid පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 17කට කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත්වූ අතර, Liam Livingstone පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 17කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

 

 (Photo by RANDY BROOKS/AFP via Getty Images)

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 19.5ක් අවසානයේදී සියලුම දෙනාදැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 162ක් පමණයි.

එංගලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ James Vince පන්දු 35කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව Sam Billings පන්දු 28කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ද, Ton Benton පන්දු 12කදී ලකුණු 16ක් ලබාගත් නමුත්, අන් කිසිදු පිතිකරුවෙකුට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් ඉදිරියේ ලකුණු 15 සීමාවටවත් පැමිණීමට නොහැකි විය.

 

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 2.5ක් අවසානයේදී ලකුණු 27කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත්විය.

 

 (Photo by RANDY BROOKS/AFP via Getty Images)

මෙම තරඟයේදී, අවසන් පන්දුවාරයේදී ජේසන් හෝල්ඩර් විසින් පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගනිමින්, විස්සයි විස්ස පිටියේ පිට පිට පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ක්‍රීඩකයින් අතර හතරවන ස්ථානයට පත්වීමට හැකිවිය.

මීට අමතරව විස්සයි විස්ස පිටියේ එවැනි දස්කමක් දක්වා ඇති ක්‍රීඩකයින් අතර, ඇෆ්ගනිස්තාන් ක්‍රීඩක රශීඩ් කාන්, ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග හා, අයර්ලන්තය ක්‍රීඩක කර්ටිස් කැම්පර් රැඳීසිටී.

 

මෙම තරඟයේදී ජේසන් හෝල්ඩර්ට අමතරව තවත් සුපිරි පන්දු යැවීමක නිරත වූ Akeal Hosein ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 30කට කඩුලු 4ක් දවාගැනීමට සමත්වූ අතර, Odean Smith ද ලකුණු 41කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

ඒ අනුව, එංගලන්තය එරෙහිව පස්වන විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 17ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 27කට කඩුලු 5ක් බිඳ හෙලූ ජේසන් හෝල්ඩර් වේ.

(Photo by Gareth Copley/Getty Images)

 

ජේසන් හෝල්ඩර් පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් ලබාගත් වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *