එංගලන්තය සංචාරය සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකා – එංගලන්තය අතර එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විත තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

තරඟාවාලිය ලබන ජුනි 23 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර අවිශ්ක ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඕෂධ ප්‍රනාන්දු හා කසුන් රාජිත නැවතත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙන අතර චරිත් අසලංක, ඉශාන් ජයරත්න හා නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දස්කම් අතර පැමිණී දනංජය ලක්ශාන් ද මෙම සංචිතයට ඇතුළත් වී තිබෙනවා.

නිමාවූ බංගලාදේශය සංචාරයට ඇතුළත් වු අශේන් බණ්ඩාර පාදයේ අබාධයක් හේතුවෙන් මෙවර සංචාරය අහිමි වී තිබෙනවා.

ඊට අමතරව ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයේ සිටි සදීර සමරවික්‍රම, කමිල් මිශාර ද මෙම සංචාරය අහිමි වී තිබෙනවා.

ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය.

කුසල් පෙරේරා (නායක)
කුසල් මෙන්ඩිස්
දනුශ්ක ගුණතිලක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
ඕෂධ ප්‍රනාන්දු

දනන්ජය ද සිල්වා
චරිත් අසලංක
නිරෝශන් දික්වැල්ල
දසුන් ශානක
චාමික කරුණාරත්න
දනංජය ලක්ශාන්

වනිඳු හසරංග
රමේශ් මෙන්ඩිස්
ලක්ශාන් සඳකැන්
අකිල ධනංජය
දුශ්මන්ත චමීර
ඉසුරු උදාන

බිනුර ප්‍රනාන්දු
නුවන් ප්‍රදීප්
ශිරාන් ප්‍රනාන්දු
ප්‍රවීන් ජයවික්‍රම
අසිත ප්‍රනාන්දු
ඉශාන් ජයරත්න

පලමු විස්සයි විස්ස තරඟය ජුනි 23 පැවැත්වීමට නියමිත අතර දෙවන හා තුන්වන විස්සයි විස්ස තරඟ ජුනි 24 හා 26 යන දෙදින පැවැත්වීමට නියමිතයි.

පලමු එක්දින තරඟය – ජුනි 29
දෙවෙනි එක්දින තරඟය – ජූලි 01
තුන්වෙනි එක්දින තරඟය – ජූලි 04

Leave a Reply

Your email address will not be published. Required fields are marked *