එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් ‍යුත් මූලික සංචිතයක් නම් කරයි.

එළබෙන ජූලි 23 වෙනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ 3කින් යුත් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කර තිබෙනවා.

බංග්ලාදේශ සංචාරයේ සංචිතය සදහා නම් නොකල ඇන්ජලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් , දිමුත් කරුණාරත්න සහ සුරංග ලක්මාල් හට එංගලන්ත තරග සංචාරයේදීද ඉඩක් වෙන්වී නැති නමුත් බංග්ලාදේශ සංචාරයට එක්නොවූ නුවන් ප්‍රදීප් හට එංගලන්ත සංචාරය සදහා නැවතත් දොරටු විවෘත වී තිබෙනවා. ඊට අමතරව බංග්ලාදේශ සංචාරයෙදී නොදුටු නවක මුහුණු රැසක්ද එංගලන්ත තරග සංචාරය සදහා නම්කල මූලික සංචිතයට ඇතුලත්ව තිබෙනවා

(Photo by Glyn KIRK / AFP) (Photo credit should read GLYN KIRK/AFP/Getty Images)

ඒ අනුව 28 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතය.

කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනන්ජය ද සිල්වා, චරිත් අසලංක, කමිල් මිශාර, නිරෝෂන් දික්වැල්ල, අශේන් බණ්ඩාර,

දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනන්ජය ලක්ෂාන්, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සදකැන්, අකිල ධනන්ජය, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ඉශාන් ජයරත්න

බොහෝ දෙනෙක් බලාසිටි ධනන්ජය ලක්ෂාන් , කමිල් මිශාර  සහ චරිත් අසලංක මෙන්ම තම මංගල ටෙස්ට් තරගයේදී ඉතිහාසගත දස්කම් දැක්වූ ප්‍රවීන් ජයවික්‍රම හටද මෙම සංචිතයේ ඉඩක් වෙන්වී තිබීම කැපීපෙනෙනවා.


ශ්‍රී ලංකාව එංගලන්තය සමගින් විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට මුහුණ දීමට නියමිතයි.

පලමු විස්සයි විස්ස තරගය ජුනි 23  කාඩිෆ් හිදිද,
දෙවන විස්සයි විස්ස තරගය ජුනි 24 කාඩිෆ් හිදිද, තෙවන විස්සයි විස්ස තරගය ජුනි 26 සවුත්හැම්ප්ටන් හිදිද, පැවැත්වීමට නියමිත අතර
පලමු එක්දින තරගය ජුනි 29 ඩර්හැම් හිදිද,
දෙවන එක්දින තරගය ජුලි 1 ලන්ඩන් හිදිද,
තෙවන එක්දින තරගය ජුලි 4 බ්‍රිස්ටල් හිදිද, පැවැත්වීමට නියමිතය.


Naveen Krishmal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *