එක්දින තරඟාවලිය ක්‍රීඩා කිරීමට සුදුසු ශ්‍රී ලංකා සංචිතය ලසිත් මාලිංග නම් කරයි.
එංගලන්තයට එරෙහිව තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය අද (29) දින ආරම්භ වීමට නියමිත වන අතර ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය යූටියුබ් නාළිකාව හරහා මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමටනම් ක්‍රීඩාකළ යුතු ආකාරය පිළිඹඳව සදහන් කළේය.
එහිදී ප්‍රධාන වශයෙන් නායක කුසල් ජනිත් පෙරේරා ආරම්භ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ යුතු බව ලසිත් මාලිංග විසින් ප්‍රකාශ කර සිටියා.
“කුසල් ජනිත් පෙරේරා ආරම්භ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩාකළ යුතුයි. විස්සයි විස්ස තරඟාවලියේදී එංගලන්ත පන්දු යවන්නන් ඔහුට රිසි සේ පන්දුවට පහර දීමට ලබා දුන්නේ නැහැ. ඉතින් කුසල් පෙරේරා බලන්න ඕනේ තමන්ට එංගලන්ත පන්දු යවන්නන් පන්දු යැව්වේ මොන විදියට, තමන් දැවී ගියේ කුමන ආකාරයෙන් ද කියලා අධ්‍යනය කරන්න ඕනේ. ඒ වැරැදි ටික හදාගෙන අනිවාර්යයෙන්ම ඔහු දිගු ඉනිමක් ක්‍රීඩා කළ යුතුයි.”
කුසල් ජනිත් පෙරේරා සමඟින් ඉනිම ආරම්භ කළ යුතු අනෙක් ක්‍රීඩකයා වන්නේ අවිශ්ක ප්‍රනාන්දු. ඔහු විස්සයි විස්ස තරඟාවලියේදී හොඳින් ලකුණු අතරට පැමිණීමට නොහැකි වුණා. නමුත් නිමා වූ ලෝක කුසලාන තරඟාවලියේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව වේගයෙන් පන්දු යවන පන්දු යවන්නන්ට ඔහු හොඳින් පිතිකරනයේ යෙදුනා. අවිශ්ක කියන්නේ දක්ශ පිතිකරුවෙක්. ඔහුත් බලන්න ඕනේ දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරලා ශතක ලබා ගන්න. ශතකයක් ලබා ගත්තාම දැනෙන සතුට ගැන ඔහු දන්නවා.
කුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල හා දනුශ්ක ගුණතිලක තරඟාවලියෙන් ඉවත් කිරීම නිසා බොහෝ දුරට චරිත් අසලංකට අවස්ථාව ලැබෙනු ඇති බවට ලසිත් මාලිංග ප්‍රකාශ කළා.
” චරිත් අසලංක කියන්නේ වමත් පිතිකරුවෙක්. තරඟයේ මැද පන්දුවාර වලදී ක්‍රීඩා කිරීමට වමත් පිතිකරුවෙක් නොමැති වීම නිසා අනිවාර්යයෙන්ම චරිත් අසලංකට අවස්ථාවක් ලැබෙනු ඇති බවට මම විශ්වාස කරනවා” ලසිත් මාලිංග

චරිත් අසලංක මෙන්ම දනන්ජය ලක්ශාන් පිළිඹඳව ද අදහස් දක්වමින් කියා සිටියේ ඔහු 2023 ලෝක කුසලානය වන විට ශ්‍රී ලංකාවට නැතුවම බැරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන බවයි.
ඒ අනුව ලසිත් මාලිංග විසින් නම් කළ කණ්ඩායම
කුසල් ජනිත් පෙරේරා
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
චරිත් අසලංක
දනන්ජය ද සිල්වා
දනන්ජය ලක්ශාන්
දසුන් ශානක
වනිඳු හසරංග
රමේශ් මෙන්ඩිස්
දුශ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
