එක්දින හා විස්සයි විස්ස නායක දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් දෙකක් කරයි.
ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් 145+kmph පමණ වේගයෙන් පන්දුව විසිකල හැකි පන්දු විසිකරන්නන් (Throwdown Specialist) දෙදෙනෙකුවත් අවශ්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පැවති සාකච්ඡාවකදී දසුන් ශානක පවසා සිටියේ ” 145+kmph වේගයකින් විසිකල හැකි වේගවත් පන්දුවිසිකරන්නන් අවම වශයෙන් දෙදෙනෙක්වත් අපිට අවශ්‍යයි. කගීසෝ රබාඩා , ඇන්‍රිච් නෝක්‍යා වැනි පන්දුයවන්නන්ගේ වේගවත් පන්දුවලට අපගේ අත්දැකීම රහිත ක්‍රීඩකයින්ට මුහුණ දීමටනම් එය අත්‍යාවශ්‍ය කරුණක්.”
කලකට ඉහතදී ශ්‍රී ලංකාවේද වේගවත්ව පන්දුව විසිකරන විශේෂඥයෙක් (Thrwodown Specialist) සිටි අතර ඔහුගේ නම නුවන් සෙනවිරත්නයි. ඔහු වඩා ප්‍රචලිත වී සිටියේ “බව්වා” යන නාමයෙනුයි. කෙසේනමුත් මීට වසර තුනකට පමණ ඉහතදී මෙම වේගවත් පන්දුවිසිකරන්නවා දැක ඔහුගේ වේගය පිලිබඳව පැහැදීමකට ලක්වී ඔහුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සේවයට බඳවාගත් අතර වර්තමානයේද ඔහු ඉන්දීය කණ්ඩායමේ පන්දු විසිකරන්නෙක් ලෙස කටයුතු කරනවා.
කෙසේ නමුත් දසුන් ශානකගේ ඉල්ලීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් සලකා බලා නොමැති අතර , එය හැකි ඉක්මනින් ඉශ්ඨ වනු ඇති බවට දසුන් ශානක විශ්වාස කරනවා. ඔහු තවදුරටත් පවසා සිටින්නෙ ” මෙම තරඟාවලිය අපිට ඉතාම තීරණාත්මක තරඟාවලියක්. මෙතනදි අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ජාත්‍යන්තර පන්දුයවන්නන්ගෙ වේගවත් පන්දුවලට අපේ අත්දැකීම් රහිත පිතිකරුවන්ට ලේසියෙන් මුහුණ දෙන්න බැරි එක. ඒක නිසාම තමයි මම මේ ඉල්ලිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමුකලෙත්.
කෙසේ නමුත් ඊට අමතරව ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී වේගයෙන් පන්දුවට පහර දී ලකුණු රැස් කිරීම සඳහා වෙනම පුහුණුවක්ද ලබාදිය යුතු බවට දසුන් ශානක තවදුරටත් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවට කලක පටන් හිඟයක්ව පවතින Power Hitters හෙවත් වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවන් සොයාගැනීම සහ සිටින පිතිකරුවන්ගේ හැකියාව ඔප්නැංවීම සඳහා එය මහගු පිටුවහලක් වනු ඇතිබවට දසුන් ශානක පවසනවා.
අවසාන වශයෙන් දසුන් ශානක පවසා සිටියේ ,
” අපිට එක්දින තරඟ ටික දිනලා World Cup Super League එකේ හොඳ ස්ථානයකට එන්න වෙනවා 2023 ලෝක කුසලානෙට සුදුසුකම් ලබන්න නම්. ඒ වගේම මේක තමා අපි විස්සයි විස්ස ලෝක කුසලානෙට කලින් සෙල්ලම් කරන අන්තිම තරඟාවලිය.ඉතින් මේක දිනලා ජයග්‍රාහි මානසිකත්වයෙන් UAE වලට යන එක අපිට ගොඩක්ම වැදගත් ”
Naveen Krishmal