එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියට අසේල ගුණරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8,දෙනෙක්.
මෙම වසරේ සැත්තැම්බර් 25 නේපාලයේ ආරම්භ වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා හිටපු හා වර්ථමාන ක්‍රීඩකයින් 8 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
මෙවර 4 වෙනි වරටත් පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය සැත්තැම්බර් මාසයේ 25 ආරම්භ වන මෙම තරඟාවලිය ඔක්තෝබර් මස 9 වන දින තෙක් පැවැත්වෙන අතර, ඊට කණ්ඩායම් 6ක් ඇතුළත් වෙනවා.
මෙවර තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනා මෙන්න.
උපුල් තරංග
ධම්මික ප්‍රසාද්
සීකුගේ ප්‍රසන්න
අසේල ගුණරත්න
ඩිල්ශාන් මුණවීර
ඕෂධ ප්‍රනාන්දු
සඳුන් වීරක්කොඩි
සහන් ආරච්චිගේ
මෙම තරඟාවලිය සඳහා දිනේශ් චන්දිමාල්ද ඇතුළත්ව සිටි නමුත්, ශ්‍රී ලංකාව – නැම්බියාව අතර විස්සයි විස්ස තරඟාවලිය හා විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලියේ සංචිතයට දිනේශ් චන්දිමාල් ඇතුළත් වීම හේතුවෙන්, මෙවර ඔහු මෙම තරඟාවලිය ක්‍රීඩානොකරයි.
තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනා සැත්තැම්බර් 21 වන දින නේපාලය බලා පිටත්වීමට නියමිතයි.