එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අද පැවතී තරඟවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ශතා.

එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 15 වන හා 16 වන තරඟ ලෙස අද පැවතී Chitwan Tigers හා Bhairahawa Gladiators අතර තරඟය හා Kathmandu Kings XI හා Pokhara Rhinos කණ්ඩායම් අතර තරඟ වලින් Bhairahawa Gladiators කණ්ඩායම හා Pokhara Rhinos කණ්ඩායම් දෙක ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

 

 

තරඟ දෙක තුලදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කළ අතර, උපුල් තරංග, සහන් ආරච්චිගේන් හා සීකුගේ ප්‍රසන්න වේගවත් ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර, පන්දු යැවීමේදී අද දින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් හට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණෙ නැහැ.

 

 

Chitwan Tigers හා Bhairahawa Gladiators කණ්ඩායම අතර තරඟයේදී පලමු පන්දුවට පහර දුන් Chitwan Tigers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබාගැනීමට සමත් වූ අතර ඊට පිලිතුරු වශයෙන් Bhairahawa Gladiators කණ්ඩායම පන්දුවාර 17.5 කදී ලකුණු 165ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

 

 

Chitwan Tigers කණ්ඩායම වෙනුවෙන් සීකුගේ ප්‍රසන්න පන්දු 11කදී හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 24ක් රැස් කිරීමට සමත් වූ අතර Karim Janat පන්දු 37කදී ලකුණු 35ක් හා Mohammed shahzad පන්දු 24කදී ලකුණු 32ක් ලබාගැනීමට සමත් වුණා.

 

 

පන්දු යැවීමේදී Kushal Malla විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහු පන්දුවාර 4 අවසානයේදී ලකුණු 15ක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර Abinash Bohara ලකුණු 38කදී කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 39ක් ලබා දී ලබාගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණයි.

 

 

Bhairahawa Gladiators කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග පන්දු 19කදී වේගවත් ලකුණු 39ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 3ක් හා හයේ පහරවල් 3ක් ඇතුළත් වුණා. ඊට අමතරව Pradeep Airee පන්දු 43කදී ලකුණු 72ක් ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා.

 

 

ඉන් අනතුරුව 16 වන තරඟය ලෙස Kathmandu Kings හා Pokhara Rhinos කණ්ඩායම අතර තරඟයේ පලමුව පන්දුවට පහර දුන් Kathmandu Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 182ක් ලබාගත් අතර, ඊට පිලිතුරු වශයෙන් Pokhara Rhinos කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 142ක් ලබා සිටියදී තරඟය නතර කිරීමට සිදුවූ අතර අවසානයේදී ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ලකුණු 14ක ජයක් වාර්ථා කිරීමට Pokhara Rhinos කණ්ඩායම සමත් විය.

 

 

kathmandu kings කණ්ඩායම වෙනුවෙන් අශාන් ප්‍රියංජන් ක්‍රීඩාකළ අතර ඔහුට ලබාගැනීමට සමත් වූයේ ලකුණු 5ක් පමණයි. Amith Shrestha පන්දු 41කදී ලකුණු 56ක් හා Ryan Buri පන්දු 43කදී ලකුණු 50ක් ද ලබාගැනීමට සමත් වූ අතර අවසානයේදී නායක Sandeep Lamichhane පන්දු 11කදී හතරේ පහර 2ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 31ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කිරීමට දායක වුණා.

Pokhara Rhinos කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ සහන් ආරච්චිගේ පන්දු 23කදී හතරේ පහර 4ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 43ක් ලබාගත් අතර, අසේල ගුණරත්න හට අද තරඟයේදී ලකුණු ලබාගැනීමට පෙර දැවී යාමට ලක්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *