එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අශාන් ප්‍රියන්ජන් සුපිරි තුන්ඉරියව් දක්ශතා දක්වයි.
එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (6) පැවතී Bhairahawa Gladiators කණ්ඩායම හා Kathmandu Kings Xi කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 16ක ජයක් වාර්ථා කිරීමට උපුල් තරංග ක්‍රීඩා කරන Bhairahawa Gladiators කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Bhairahawa Gladiators කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර Bhairahawa Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේද කඩුලු 8ක් දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත්වුණා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් Bhairahawa Gladiators කණ්ඩායමේ නායක Sharad Vesawkar පන්දු 20කදී ලකුණු 49 ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහුගේ වේගවත් ඉනිමට හතරේ පහර 7ක් හා හයේ පහරවල් 3ක් ද ඇතුලත් වුණා.
ඊට අමතරව උපුල් තරංග පන්දු 33කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 35ක් රැස් කළ අතර, Pradeep Airee පන්දු 27කදී ලකුණු 39ක් ද, Kushal Malla පන්දු 20කදී ලකුණු 32ක් ද ලබාගැනීමට සමත් වූ විය.
පන්දු යැවීමේදී Kathmandu Kings කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අශාන් ප්‍රියංජන් පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර, Sandeep Lamichhane ද පන්දුවාර 4 අවසානයේදි ලකුණු 36කට ලබාදී කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය. ඊට අමතරව Sher Malla , Jitendra Mukhiya හා Janak Prakash අතරේද එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.
අනතුරුව ලකුණු 189 ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී Kathmandu Kings XI කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණයි.
Kathmandu Kings XI කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ අශාන් ප්‍රියංජන් පන්දු 48කදී හතරේ පහර 5ක් හා හයේ පහරවල් 4ක් ද සමඟින් ලකුණු 68ක් ලබාගැනීමට සමත් වුණා. ඊට අමතරව Janak Prakash පන්දු 14කදී ලකුණු 28ක් ලබාගත් අනතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවටවත් පැමිණීමට නොහැකි වීම හේතුවෙන් Kathmandu Kings කණ්ඩායමට තරඟය පරාජයට පත්වීමට සිදුවුණා.
පන්දු යැවීමේදී ධම්මික ප්‍රසාද් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 39ක් ලබාදී කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර, Kushal Malla හා Aarif Sheikh ද කඩුලු දෙක බැඟින් ලබාගැනීමට සමත් වුණා.
ඒ අනුව තරඟය ලකුණු 16ක පහසු ජයක් වාර්ථා කිරීමට Bhairahawa Gladiators කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පිත්තෙන් ලකුණු 49ක් ලබාගත් Sharad Vesawkar වේ.