ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි. භානුක නැවතත් සංචිතයට.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය ජුනි මස 14 වන ආරම්භ වීමට නියමිත වන අතර ඒ සඳහා ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (10) නිළ වශයෙන් නිකුත් කරනු ලැබුවා.

 

 

ශාරීරික යෝග්‍යතාව පිළිඹඳ ගැලටුවක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූ භානුක රාජපක්ෂ නැවතත් විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබුණු අතර, පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා ද භානුක රාජපක්ෂව සංචිතයට නම් කර තිබෙනවා.

 

 

 

මෙම වසරේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් අවසන් වරට ශ්‍රී ලංකාව මුහුණදුන් එක්දින තරඟාවලිය සඳහා එක්ව සිටි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් හා ශිරාන් ප්‍රනාන්දු මෙවර සංචිතයයෙන් ඉවත් කර ඇති අතර, සිම්බාබ්වේ තරඟාවලියේදී එක්දින වරම් දිනාගත් චාමික ගුණසේකර ද සචිතයට ඇතුළත් වී නැහැ.

 

 

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නෙකු වන නිරෝශන් දික්වැල්ල නැවතත් එක්දින සචිතයට කැඳවා ඇති අතර, යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද මෙම සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

 

 

පහුගිය එක්දින තරඟාවලිය ක්‍රීඩා නොකෙරූ ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද නැවතත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සමඟින් එක්ව තිබෙන අතර, වනිඳු හසරංග වෙනුවට කණ්ඩායමට පැමිණී ජෙෆ්රි වැන්ඩසේ ද මෙම සංචිතයට ඇතුළත්.

 

 

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නිමාවූ ටෙස්ට් තරඟාවලියේ දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු මෙම එක්දින සචිතයට කැඳවා ඇති නමුත්, කසුන් රාජිත සංචිතයට ඇතුළත් වී නොමැත.

 

ඒ අනුව නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

1) දසුන් ශානක – නායක

 

 

2) පැතුම් නිස්සංක

 

 

3) දනුශ්ක ගුණතිලක

 

4) කුසල් මෙන්ඩිස්

 

 

5) දනංජය ද සිල්වා

 

 

6) දිනේශ් චන්දිමාල්

 

 

7) චරිත් අසලංක

 

 

8) භානුක රාජපක්ෂ

 

 

9) නිරෝශන් දික්වැල්ල

 

 

10) වනිඳු හසරංග

 

 

11) චාමික කරුණාරත්න

 

 

12) දුශ්මන්ත චමීර

 

 

13) අසිත ප්‍රනාන්දු

 

 

14) නුවන් තුශාර

 

 

15) රමේෂ් මෙන්ඩිස්

 

 

16)  මහීශ් තීක්ෂණ

 

 

17) ප්‍රවීන් ජයවික්‍රම

 

 

18) ජෙෆ්රි වැන්ඩසේ

 

 

19) ලහිරු මධුසංක

 

 

20) දුනිත් වෙල්ලාලගේ

 

 

21) ප්‍රමෝද් මධුශාන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *