ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟ 3ක් , එක්දින තරඟ 5 ක් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විත පූර්ණ තරඟාවලියක් ජුනි මස 7 වන දින ආරම්භක වීමට නියමිත වන අතර විස්සයි විස්ස තරඟාවලිය ඒ සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා..

 

 

මීට පෙර විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නම් මර තිබූ අතර එම ක්‍රීඩකයින් 26 දෙනා අතරින් 18 දෙනෙකු නිල සංචිතය සඳහා නම් කර තිබේ.

විශේෂිතම කරුණ නම්, පසුගිය කාලයේදී ශාරීරික යෝග්‍යතා ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක් වීමට නොහැකිවී සිටි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්වී තිබෙනවා.

 

 

මෙම තරඟාවලියේද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක හට ලැබී ඇති අතර, ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවතී ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වූ පැතුම් නිස්සංක ද නැවතත් ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්වී තිබෙනවා. පහුගිය ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා නොකළ චරිත් අසලංක ද විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

 

 

තවද, නිමාවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා තේරීපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනා වන භානුක රාජපක්ෂ , වනිඳු හසරංග , දුශ්මන්ත චමීර , මහීශ් තීක්ශණ , චාමික කරුණාරත්න හා මතීෂ පතිරණ මෙවර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

වනිඳු හසරංගටත් පෙර විස්සයි වීස්ස පිටියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 10 අතරට පැමිණී ලක්ෂාන් සඳකැන් පසුව එක්දින තරඟ අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්වූ අතර නැවතත් ඔහුව ශ්‍රී ලංකා සංචිතයට සඳහා කැඳවා තිබෙනවා.

 

 

ඒ අනුව විස්සයි විස්ස තරඟාවලිය සඳහා නම් කළ සංචිතය මෙන්න.

 

1) දසුන් ශානක – නායක

 

(Photo by Quinn Rooney/Getty Images)

 

2) පැතුම් නිස්සංක

 

 (Photo by WILLIAM WEST/AFP via Getty Images)

 

3) දනුශ්ක ගුණතිලක

 

(Photo by Darrian Traynor/Getty Images)

 

4) කුසල් මෙන්ඩිස්

 

(Photo by WILLIAM WEST/AFP via Getty Images)

 

5) චරිත් අසලංක

 

(Photo by WILLIAM WEST/AFP via Getty Images)

 

6) භානුක රාජපක්ෂ

 

 (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

 

7) නුවනිඳු ප්‍රනාන්දු

 

 

8) ලහිරු මධුසංක

 

 

9) වනිඳු හසරංග

 

 (Photo by Steven Markham/Icon Sportswire via Getty Images)

 

10) චාමික කරුණාරත්න

 

(Photo by Steven Markham/Icon Sportswire via Getty Images)

 

11) දුශ්මන්ත චමීර

 

(Photo by Daniel Pockett – CA/Cricket Australia via Getty Images)

 

12) කසුන් රාජිත

 

 (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

13) නුවන් තුශාර

 

(Photo by Brendon Thorne/Getty Images for Cricket Australia)

 

14) මහීශ් තීක්ශණ

 

(Photo by WILLIAM WEST/AFP via Getty Images)

 

15) රමේශ් මෙන්ඩිස්

 

 (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

16) මතීෂ පතිරණ

 

.(Photo by Ashley Allen-ICC/ICC via Getty Images)

 

17) ප්‍රවීන් ජයවික්‍රම

 

 (Photo by WILLIAM WEST/AFP via Getty Images)

 

18) ලක්ශාන් සඳකැන්

 

 (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

මූලික සංචිතයේ සිටි තරුණ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ , දනංජය ලක්ශාන් , බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් නිළ සංචිතයට ඇතුලත් නොකර ඇති අතර ශ්‍රේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් ද මෙම විස්සයි විස්ස තරඟාවලිය සඳහා නම් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *