ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට ඓතිහාසික තරඟාවලි ජයක්.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ අද (21) පැවතී හතරවන තරඟයත් ජයගනිමින් තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟාවලිය ජයගැනීමට පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේදී කාසියේ වාඩිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත්විය.
එහිදී, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් චරිත් අසලංක අද දින මංගල ශතකය රැස්කර ගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 106කදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 110ක් ලබාගැනීමට සමත්වුණ.

ඊට අමතරව චරිත් අසලංක සමඟින් හතරවන කඩුල්ල සඳහා ලකුණු 101ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූ දනංජය ද සිල්වා පන්දු 61කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 60ක් ලබාගත් අතර, වනිඳු හසරංග නොදැවී ලකුණු 21ක් හා දුනිත් වෙල්ලාලගේ ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී මිචෙල් මාෂ් පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 29කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Pat Cummins ලකුණු 37කට කඩුලු 2ක් , Matthew Kuhnemann ලකුණු 56කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, ග්ලේන් මැක්ස්වෙල් ද එක් කඩුල්ලක් බිඳ දැමීමට ද සමත්වුණා.

අනතුරුව ලකුණු 259ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඕස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 254ක් පමණයි.
ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 112කදී හතරේ 12ක් සමඟින් ලකුණු 99ක් ලබාගැනීමට සමත්විය.

ඊට අමතරව Pat Cummins පන්දු 43කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබාගත් අතර, Travis Head පන්දු 33කදි ලකුණු 27ක් හා මිචෙල් මාෂ් පන්දු 27කදී ලකුණු 26ක් ද ලබාගැනීමට සමත්වුණා. නායක ඒරන් ෆින්ච් ලබාගැනීමට පෙර දැවී ගියා.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න පන්දුවාර 5ක් අවසානයේදී ලකුණු 19කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය. පලමු කඩුල්ල ලෙස ඒරන් ෆින්ච් ව දවාගැනීමට හැකිවූයේ ද කරුණාරත්න වේ.
ඊට අමතරව දනංජය ද සිල්වා ලකුණු 39කට කඩුලු 2ක් , ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 40කට කඩුලු 2ක් බිඳ දැමූ අතර දසුන් ශානක , දුනිත් වෙල්ලාලගේ , වනිඳු හසරංග හා මහීශ් තීක්ශන අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
ඒ අනුව මෙම තරඟය ජයගැනීමත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟාවලිය 3-1ක් ලෙස ජයගැනීමට සමත්වූ අතර, එම ජයග්‍රහණය වසර 12කට පසු ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ එක්දින තරඟාවලි ජයග්‍රහණයයි.
2010 වර්ෂයේදී ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවේදී අවසන් වරට එක්දින තරඟාවලියක් ජයගෙන තිබූ අතර, ශ්‍රී ලංකාව, තම මව්බිමේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලි ජයක් ලබාගැනීමට සමත්වූයේ වසර 30කට පසුව වේ. (1992න් පසු)

අද පැවතී මෙම තරඟයේ තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ මංගල ජාත්‍යන්තර එක්දින ශතකය ලබාගත් චරිත් අසලංක වේ.
ඩේවිඩ් වෝනර් හා ඕස්ට්‍රේලියා නායක ෆින්ච් දැවී ගිය ආකාරය, (Video)
— Six Cricket (@Six6Cricket) June 21, 2022
— Six Cricket (@Six6Cricket) June 21, 2022