ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 101ක් ඉදිරියෙන්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය ඊයේ (29) ආරම්භ වූ අතර අද (30) දින දෙවන දිනයට තරඟය නතර කරන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා පලමු ඉනිමට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් සිටියා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 59ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 212ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නිරෝශන් දික්වැල්ල පන්දු 59කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය. මෙම අර්ධ ශතකය නිරෝශන් දික්වැල්ලගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 21වන අර්ධ ශතකයයි.

 

 

ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් පන්දු 71කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 28ක් ද, පැතුම් නිස්සංක ලකුණු 23ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 22ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Nathan Lion ලකුණු 90කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Michell Swepson ලකුණු 55කට කඩුලු 3ක් හා Pat cummins , Mitchell Starc එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

 

අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ දිනයේදී සිය පලමු ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දිනය අවසන් වන විට කඩුලු තුනක් දැවී ලකුණු 98ක් ලබාගෙන තිබුණි.

අද (30) දෙවන දිනය  ආරම්භයේදී වර්ෂාව හේතුවෙන් තරඟය පැය කිහිපයක්ම ප්‍රමාද වී ආරම්භ වූ අතර, ඕස්ට්‍රේලියා ඉනිම ලකුණු 100 ක් වන විට ලකුණු 6ක් ලබාගෙන සිටි Travis Head දනංජය ද සිල්වාගේ සුපිරි උඩපන්දු රැකීම හමුවේ දැවීගියා.

 

 

අනතුරුව Usman Khawaja හා Cameron Green 5 වන කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනැගූ අතර, මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ Usman Khawaja ලකුණු 71කට දැවීගියා.. එය ජෙෆ්රි වැන්ඩසේගේ මංගල ටෙස්ට් කඩුල්ලයි.

 

 

ඉන් අනතුරුව Cameron Green හා Alex Carey සමඟින් 6 වන කඩුල්ල සඳහා අගනා ලකුණු 84ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුණා. අනතුරුව රමේෂ් මෙන්ඩිස් ගේ පන්දුවක් හමුවේ Cameron Green ලකුණු 77කට දැවීගිය අතර, Alex Carey දිනේශ් චන්දිමාල්ගේ සුපිරි උඩපන්දු රැකීමක් හමුවේ ලකුණු 45කට දැවීගියා.

 

 

ඒ අනුව දෙවන දිනය සඳහා තරඟය නතර කරන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබාගෙන සිටි අතර, තවත් කඩුලු 2ක් ඇතැතිව ශ්‍රී ලංකා පලමු ඉනිමට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් රැඳීසිටිනවා.

 

පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් සුපිරි පන්දු යැවීමක නිතර වෙමින් මේ වන විට ඕස්ට්‍රේලියා ඉනිමේ කඩුලු 4ක් දවාගෙන සිටින්නේ ලකුණු 107ක් ලබාදෙමිනි. ඊට අමතරව ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 68කට කඩුලු 2ක් දවාගත් අතර දනංජය ද සිල්වා ද එක් කඩුල්ලක් බිඳ දැමීය.

 

 

දනංජය ද සිල්වා හා දිනේශ් චන්දිමාල් රැකගත් උඩපන්දු (වීඩියෝ)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *