ඕස්ට්‍රේලියා A කණ්ඩායම පරදා ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ඨ ජයක්.
(වීඩියෝ එක පහලින් නැරඹිය හැක) ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඕස්ට්‍රේලියා A කණ්ඩායම අතර තරඟ 2කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා A කණ්ඩායමේ නායක Henry Hunt පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා A කණ්ඩායම පන්දුවාර 48.4 අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 312ක් ලබාගැනීමට සමත්වුණා.
ඕස්ට්‍රේලියා A කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ආරම්භක පිතිකරු Travis Head විශිෂ්ඨ ශතකයක් රැස්කර ගත් අතර ඔහු පන්දු 86කට මුහුණදෙමින් හතරේ පහර 15ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 110ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව Aaron Hardie පන්දු 50කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබාගත් අතර, නායක පන්දු 53කදී එක් හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 40ක් හා Josh Philippe පන්දු 25කදී ලකුණු 34ක් ද ලබාගැනීමට සමත්වුණා..
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මධුශාන් පන්දුවාර 8.4ක් අවසානයේදී ලකුණු 50කට කඩුලු 4ක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව නිසල තාරක ලකුණු 48කට කඩුලු 2ක් හා දනංජය ද සිල්වා හා ජෙෆ්රි වැන්ඩසේ අතරේ එක් කඩුල්ල බැඟින් ද බෙදීගියා.
අනතුරුව ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් ලබායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා A කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව පන්දුවාර 18.5ක් අවසානයේදී කඩුලු 6ක් පමණ්ක් දැවී ලකුණු 315ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා A ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ආරම්භක පිතිකරු නිරෝශන් දික්වැල්ල පන්දු 73කදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ද ලබාගැනීමට සමත්වවිය.
ඊට අමතරව අශේන් බන්ඩාර පන්දු 65කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබාගත් අතර, කමිඳු මෙන්ඩිස් පන්දු 53කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් හා සහන් ආරච්චිගේ පන්දු 43කදී ලකුණු 31ක් ද ලබාගැනීමට සමත්වුණා. නායක දනංජය ද සිල්වා – 30 (26)
පන්දු යැවීමේදී Mattew Kuhnemann පන්දුවාර 10ක් අවසානයේදී ලකුණු 43කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර Tanveer Sangha ලකුණු 72කට කඩුලු 2ක් හා Nic Maddinson ලකුණු 20කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.
ඒ අනුව දෙවන එක්දින තරඟයෙන් ඕස්ට්‍රේලියා A කණ්ඩායම පරදා කඩුලු 4ක විශිෂ්ඨ ජයක් ලබාගැනිමින් තරඟාවලිය 1-1ක් ලෙස සමකිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත්විය.
නිරෝශන් දික්වැල්ලගේ විශිෂ්ඨ ඉනිම වීඩියෝව,
Niroshan dickwella ? pic.twitter.com/cUsGISs0XB
— Stay Cricket (@staycricket) June 10, 2022