ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
පෙබරවාරි මස 11 වන දින ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහය වන අතර, නිමා වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවතී එක්දින තරඟාවලියේදී පෞද්ගලික හේතුවක් මත ක්‍රීඩා නොකළ නිත්‍ය උපනායක දනංජය ද සිල්වා මෙවර සචිතයේ ද් නොමැති වීම හේතුවෙන් මෙවරද උපනායකත්වය චරිත් අසලංක හට ලැබී තිබෙනවා.
මේ අතර, කොවිඩ් 19 රෝගය වැළදීම, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වීම හා ආබාධ තත්වයන් හේතුවෙන් සිම්බාබ්වේ තරඟාවලිය ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද නැවත සංචිතයට ඇතුළත් වී තිබෙනවා.
එම ක්‍රීඩ්කයින් වන්නේ, අවිශ්ක ප්‍රනාන්දු , වනිඳු හසරංග, ජනිත් ලියනගේ, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර කමිල් මිශාර වේ.
මීට අමතරව, මාස 6ක පමණ කාලයක් තරඟ තහනමකට යටත්ව සිටි ආරම්භක පිතිකරු දනුශ්ක ගුණතිලකද මෙවර සචිතයට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ නමුත්, මෙම වසර ආරම්භයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තීරණය කළ භානුක රාජපක්ශ, නැවතත් තමන් ක්‍රිකට් ආයතනය වෙත යොමුකරන ලද අස්වීමේ ලිපිය ඉල්ලා අස්කරගත් නමුත්, ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සචිතයට ඇතුළත් වී නොමැත.
ඒ අනුව, ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
1) දසුන් ශානක (නායක)
2) චරිත් අසලංක (උපනායක)
3) අවිශ්ක ප්‍රනාන්දු
4) පැතුම් නිස්සංක
5) දනුශ්ක ගුණතිලක
6) කුසල් මෙන්ඩිස්
7) දිනේශ් චන්දිමාල්
8) චාමික කරුණාරත්න
9) ජනිත් ලියනගේ
10) කමිල් මිශාර
11) රමේෂ් මෙන්ඩිස්
12) වනිඳු හසරංග
13) ලහිරු කුමාර
14) නුවන් තුශාර
15) දුශ්මන්ත චමීර
16) බිනුර ප්‍රනාන්දු
17) මහීශ් තීක්ශණ
18) ජෙෆ්රි වැන්ඩසේ
19) ප්‍රවීන් ජයවික්‍රම
20) ශිරාන් ප්‍රනාන්දු
විස්සයි විස්ස තරඟ 5කින් යුත් කාලසටහන,
පෙබරවාරි 11 – පලමු විස්සයි විස්ස තරඟාවලිය
පෙබරවාරි 13 – දෙවන විස්සයි විස්ස තරඟය
පෙබරවාරි 15 – තුන්වන විස්සයි විස්ස තරඟය
පෙබරවාරි 18 – හතරවන විස්සයි විස්ස තරඟය
පෙබරවාරි 20 – පස්වන විස්සයි විස්ස තරඟය