ඕස්ටේලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් 2021 වසරේ හොඳම ටෙස්ට් 11 දෙනාගෙන් යුත් කණ්ඩායමක් නම් කරයි.

අදින් (31) අවසන් වන 2021 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා සැලකිල්ලට ගනිමින්, ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මඟින් වසරේ හොඳම ටෙස්ට් 11 දෙනාගෙන් යුත් කණ්ඩායමක් නම් අර තිබෙනවා.

 

ඕස්ට්‍රේලියානු ක්‍රීකට් ආයතනය මඟින් නම් කළ හොඳම 11 දෙනාගේ කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් 4 දෙනෙක්, පාකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත් කර ඇති අතර, ඕස්ට්‍රේලියා , නවසීලන්තය , එංගලන්තය හා ශ්‍රී ලාංකිකයින්ගෙන් එක් ක්‍රීඩකයෙක් බැඟින් කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

 

මෙම කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් යුගලය ලෙස ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා හා ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුත් කරුණාරත්න නම් කර ඇති අතර, කණ්ඩායමේ නායකත්වය ද ලැබී ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට වේ. කඩුලු රකින්නා ලෙස නම් කර ඇත්තේ ඉන්දීය ක්‍රීඩක Rishabh Pant වේ.

 

ඒ අනුව, ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන මඟින් නම් කරන ලද වසරේ හොඳම ටෙස්ට් 11 දෙනා මෙන්න,

1 ) Rohit Sharma
2021 වසර – ටෙස්ට් තරඟ 11කට ක්‍රීඩාකරමින් ඉනිම් 21කදී ලකුණු 906ක් ලබාගෙන ඇති අතර, ශතක 2ක් හා අර්ධ ශතක 4කට හිමිකම් කියයි. මෙම වසරේ ලබාගෙන ඇති ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 161ක් ලබාගැනීමයි. රෝහිත් ශර්මා විසින් මෙම වසරේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 47.68ක් පවත්වා ගැනීමට ද සමත් වී ඇත.

 

2) Dimuth Karunaratne – නායක
2021 වසර – ටෙස්ට් තරඟ 7කට ක්‍රීඩාකරමින් ඉනිම් 13කදී ලකුණු 902ක් ලබාගෙන ඇති අතර, ශතක 4ක් හා අර්ධ ශතක 3කට හා ද්විත්ව ශතකයකට ද, හිමිකම් කියයි. මෙම වසරේ ලබාගෙන ඇති ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 244ක් ලබාගැනීමයි. දිමුත් කරුණාරත්න විසින් මෙම වසරේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 69.38ක් පවත්වා ගැනීමට ද සමත් වී ඇත.

 

3) Marnus labuschagne
2021 වසර – ටෙස්ට් තරඟ 5කට ක්‍රීඩාකරමින් ඉනිම් 9කදී ලකුණු 526ක් ලබාගෙන ඇති අතර, ශතක 2ක් හා අර්ධ ශතක 4කට හිමිකම් කියයි. මෙම වසරේ ලබාගෙන ඇති ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 108ක් ලබාගැනීමට සමත් වී ඇත. marnus Labuschagne විසින් මෙම වසරේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 60.40ක් පවත්වා ගැනීමට ද සමත් වී ඇත.

 

4) Joe Root
2021 වසර – ටෙස්ට් තරඟ 15කට ක්‍රීඩාකරමින් ඉනිම් 29කදී ලකුණු 1708ක් ලබාගෙන ඇති අතර, ශතක 6ක් හා අර්ධ ශතක 4කට හා ද්විත්ව ශතක දෙකකට ද හිමිකම් කියයි. මෙම වසරේ ලබාගෙන ඇති ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාව වනුයේ ශ්‍රී ලංකාවට එරෙහුව ලබාගත් ලකුණු 228 වේ. ජෝ රූට් විසින් මෙම වසරේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 61.00 ක් පවත්වා ගැනීමට ද සමත් වී ඇත.

 

5) Fawad Alam
2021 වසර – ටෙස්ට් තරඟ 9කට ක්‍රීඩාකරමින් ඉනිම් 13කදී ලකුණු 571ක් ලබාගෙන ඇති අතර, ශතක 3ක් හා අර්ධ ශතක 3කට හිමිකම් කියයි. මෙම වසරේ ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 140ක් ලබාගැනීමයි. Fawad Alam විසින් මෙම වසරේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 47.65ක් පවත්වා ගැනීමට ද සමත් වී ඇත.

 

6) Rishabh Pant – කඩුලු රකින්නා
2021 වසර – ටෙස්ට් තරඟ 12 කට ක්‍රීඩාකරමින් ඉනිම් 21කදී ලකුණු 748ක් ලබාගෙන ඇති අතර, එක් ශතකයක් හා හා අර්ධ ශතක 5කට හිමිකම් කියයි. මෙම වසරේ ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 101ක් ලබාගෙන ඇති අතර ඔවු විසින් මෙම වසරේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 38.80ක් පවත්වා ගැනීමට ද සමත් වී ඇත. කඩුලු රකින්නෙකු ලෙස උඩපන්දු රැකීම් 33ක් හා ස්ටම්ප් කිරීම් 6ක් සිදුකරමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ව දවාගැනීමට දායකත්වය ලබාදී ඇත.

 

7) Ravi Ashwin
2021 වසර – ටෙස්ට් තරඟ 9කදී ඉනිම් 15ක් පන්දුවට පහර දෙමින් එක් ශතකයක් ද ඇතුළත් ව ලකුණු 355ක් ලබාගෙන ඇති අතර, වසරේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 25.36ක් ලෙස පවත්වා ගැනීමට සමත් වී ඇත.

පන්දු යැවීමෙන් කඩුලු 54ක් ලබාගැනීමට සමත් වී ඇති අතර, ඉනිමක කඩුලු 5 අවස්ථා තෙවතාවක් ලබාගැනීමට සමත් වී ඇත. වසරේ ඉනිමක හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 61කට කඩුලු 6ක් දවාගැනීමයි.

 

8) Kyle Jamieson
2021 වසරේ ටෙස්ට් තරඟ 5කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී මුළු කඩුලු 52ක් ලබාගැනීමට සමත් වී ඇත. ඉනිමක කඩුලු 5+ බැඟින් අවස්ථා 3කදී දවාගැනීමට සමත් වි ඇති ඇතර, පකිස්තානයට එරෙහිව පැවතී තරඟයකදී ඉනිම් දෙකේදීම කඩුලු එකතුව කඩුලු 11ක් (පලමු ඉනිමේ කඩුලු 5 , දෙවෙනි ඉනිමේ කඩුලු 6) ලබාගැනීමට සමත් වී ඇත.

 

9) Axar Patel
ඉන්දියාව වෙනුවෙන් මෙම වසරේ ටෙස්ට් වරම් දිනාගත් Axar Patel මේ වන විට තරග 5ක් ක්‍රීඩාකරමින්, කඩුලු 36ක් ලබාගැනීමට සමත් වී අතර, ඉනිමක හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 38කට කඩුලු 6ක් ලබාගැනීම වේ. ඉනිමක කඩුලු 5+ බැඟින් අවස්ථා 5කදී කඩුලු ලබාගැනීමට සමත්වී ඇති අතර, එක් තරඟයක කඩුලු 10+ ලබාගැනීමට සමත් වී ඇත.

 

10) Hasan Ali
2021 වසර – ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කරමින් ලකුණු 659ක් පමණක් ලබාදී කඩුලු 41ක් ලබාගෙන ඇති අතර, ඉනිමක හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 27කට කඩුලු 5ක් දවාගැනීමයි. ඉනිමකදී කඩුලු 5+ බැඟින් අවස්ථා 5කදී කඩුලු ලබාගෙන ඇති අතර, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවතී තරඟයකදී ඉනිම් දෙකේම කඩුලු 5 බැඟින් සම්පූර්ණ තරඟයේදීම කඩුලු 10ක් ලබාගැනීමට සමත් වී ඇත.

 

11) Shaheen Afridi ️
මෙම වසරේ ටෙස්ට් තරඟ 9කට ක්‍රීඩා කරමින් ලකුණු 802කට කඩුලු 47ක් දවාගැනීමට සමත් වී ඇති අතර, ඉනිමක හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 51කට කඩුලු 6ක් දවාගැනීම වේ. ඉනිමක කඩුලු 5+ බැඟින් අවස්ථා 4කදීම කඩුලු ලබාගෙන ඇති අතර, එක් තරඟයකදී ඉනිම් දෙකේදීම කඩුලු 10+ක් ලබාගැනීමට සමත් වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *