කඩුලු 6ක් ලබාගැනීම ගැන ප්‍රවීන් ජයවික්‍රම මාධ්‍යයට කියූ දේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ප්‍රවීන් ජයවික්‍රම මංගල ටෙස්ට් තරඟයේදීම සාර්ථක වෙමින් ලකුණු 92කට කඩුලු 6ක් දවාගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරඟයේදිම ඉනිමක කඩුලු 5ක් දවාගත් පස්වන පන්දු යවන්නා වෙමිනි.
තරඟයේ තුන්වන දිනය අවසන් වීමෙන් පසු ප්‍රවීන් ජයවික්‍රම මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියූ දේ.
“මම මේ මැච් එකේදිනම් උත්සහා කලේ ඩොට්ස් බෝල් දාලා බංගලාදේශය පිතිකරුවන්ව ප්‍රෙශර් කරන්න. අන්තිමට මට පුලුවන් වුනා කොහොම හරි විකට් 6ක් ගන්න. රෙකෝඩ් එකකට යන්න පුලුවන් වීම ගැන මට ගොඩාක් සතුටුයි. මම ගොඩාක් ආසාවෙන් හිටියේ තමීම් ඉක්බාල්ගේ විකට් එක ගන්න. ඉතින් ඒ විකට් එක ගන්න පුලුවන් වුණ එකටත් මට ගොඩක් සතුටුයි. මට මුලින් පොඩි ප්‍රෙශර් එකක් තිබුණා. ඒ උනාට නායකයා හා සීනියර් ප්ලේයස්ලා කතා කරලා කිව්වා ලකුණු ගැහුවට කමක් නෑ. ඔයා ඔයාගේ දේ කරන්න. විකට් එක එයි කියලා තමා ඒගොල්ලෝ කිව්වේ.”
“පොඩි කාලේ මම ක්‍රිකට් ගහන්නෙවත් නැති කාලේ මැච් බලන කොට අම්මට කියනවලු මම නැශනල් ටීම් එකට සෙල්ලම් කරනවලු කියලා. මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ අවුරුදු 10දී. ඊට පස්සේ ස්කෝලේ හොඳට සෙල්ලම් කරපු නිසා මාව Under 19 ටීම් එකට තේරුණා. ඊට පස්සේ මට 2018 Under 19 වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න පුලුවන් වුණා. එක්දින තරඟවල තුන්වෙනියට වැඩිම කඩුලු ලබාගෙන තියෙන්නේ මම.”
ප්‍රවීන් ජයවික්‍රම විසින් තවදුරටත් ප්‍රකාශ කළ සිටියේ තරඟයේ අවසාන දිනය වන විට තණතීරුවේ දඟ කැවීම වැඩි වෙන නිසා අපට තරඟය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙන බවයි.