කලම්බෝ කණ්ඩායම පරදවමින් කැන්ඩි කණ්ඩායමට විශිෂ්ඨ ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) තුන්වන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන තරඟය ලෙස පැවතී කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 109 විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම සමත්වුණා..
තරඟයේ කාසියේ වාසිය දිනාගත් කලම්බෝ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් ලබාගැනීමට සමත්විය.
කැන්ඩි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් විශිෂ්ඨ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 67කදී හතරේ පහර 11ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී 102 ක් ලබාගැනීමට සමත්වුණා.
මෙම ශතකය මෙවර තරඟාවලියේ වාර්ථා වූ පලමු ශතකය වන අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ වාර්තා වු 3 වන ශතකයයි.. (LPL පිටියේ වාර්තා වූ ශතක පහළින්)
1) ලෝරි එවන්ස් – 108* – ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට එරෙහිව – 2020
2) අවිශ්ක ප්‍රනාන්දු – 100 – දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව – 2021
3) ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් – 102* – කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට – 2022
මෙම තරඟයේ ෆ්ලෙචර්ට අමතරව පැතුම් නිස්සංක ද වේගවත් අර්ධ ශතකයක් ලබාගැනිමින් පන්දු 67කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් 71ක් ලබාගත් අතර, Carlos Brathwaite පන්දු 13 කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්විය.
ෆැල්කොන්ස් ආරම්භක පිතිකරු යුගලය වන ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් හා පැතුම් නිස්සංක පලමු කඩුල්ල සඳහා ලකුණු 156ක විශිෂ්ඨ සබඳතාවයක් ගොඩ නැඟීමට සමත්වූ අතර, එය මෙතෙක් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාවය වේ.
කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ දැවීගිය එකම කඩුල්ල වන පැතුම් නිස්සංකගේ කඩුල්ල ලබාගැනීමට හැකිවූයේ සීකුගේ ප්‍රසන්න වේ.
අනතුරුව ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 14.3ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 90ක් පමණයි.
කලම්බෝ ස්ටාර්ක් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23කට මුහුණදෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව Keemo Paul පන්දු 15කදි හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 22 හා Dominic Drakes පන්දු 22කදී ලකුණු 18ක් ලබාගත් නමුත් අන් කිසිම පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟාවීමට අවස්ථාව නොලැබිණි.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 14කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පළමු හැට්‍රික් අවස්ථාව ද ලබාගැනීමට සමත්විය.
ඔහු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වන්නේ, දිනේශ් චන්දිමාල් , Benny Howell, සීකුගේ ප්‍රසන්න හා ඇන්ජලෝ මැතිව්ස් වේ.
ඊට අමතරව Fabian Allen එක් ලකුණකට කඩුලු 2ක් බිඳ දැමූ අතර, Ashian Daniel, Carlos Brathwaite, Zahoor Khan ද එක් කඩුල්ල බැඟින් බිඳ දැමීමට සමත්වුණා.
ඒ අනුව, තරඟාවලියේ දෙවන තරඟයෙන් කලම්බෝ ස්ටාර්ක් කණ්ඩායම ලකුණු 109කින් පරාජයට පත්කරමින් තරඟාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ශතකයක් වාර්තාකළ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් වේ..
වනිඳු හසරංග ලබාගත් කඩුලු 4 වීඩියෝව මෙන්න.
Wanindu 4/14 ♥️? pic.twitter.com/q2I7rQA85D
— Stay Cricket (@staycricket) December 6, 2022