කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අතර තරඟයේ ජය කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තුන්වන තරඟය ලෙස පැවතී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට කලම්බෝ ස්ටාර්ස කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 116ක් පමණයි.

ආරම්භයේදීම කඩාවැටුන ගෝල් ග්ලැඩියේටස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ben Dunk පන්දු 25කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ඉනිමේ අවසන් භාගයේදී ඉසුරු උදාන පන්දු 17කදී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබාගැනීමට සමත් වූ සමිත් පටෙල් පන්දු 16කදී ලකුණු 14ක් ලබාගැනීමට සමත් විය. ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලකට මෙම තරඟයේදී සාර්ථක වීමට නොහැකි වූ අතර ඔවුන්ට ලබාගැනීමට හැකි වූයේ පිළිවෙලින් ලකුණු 4ක් හා 1ක් පමණි.

 

 

පන්දු යැවීමේදී නායක දනන්ජය ද සිල්වා විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහුගේ පන්දුවාර 4 තුළදී නිළකුණු පන්දුවාර 2ක් ද සමඟින් ලකුණු 18කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර දුශ්මන්ත චමීර ද ලකුණු 25කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව අකිල ධනංජය ද පන්දුවාර 3ක් ක්‍රියාත්මක කළ අතර ඔහු ලකුණු 19කට කඩුලු 2ක් දවාගත් අතර, David Wiese ලකුණු 16කට එක් කඩුල්ලක් හා සීකුගේ ප්‍රසන්න ලකුණු 17කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.

 

 

අනතුරුව ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 117ක් ලබාගනිමින් තරඟය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට සමත්විය.

කලම්බෝ ස්ටාර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා දිනේශ් චන්දිමාල් පන්දු 27කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව නායක දනන්ජය ද සිල්වා පන්දු 28කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබාගැනීමට සමත්වූ අතර ඩේවිඩ් වීසා පන්දු 16කදී හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 22ක් ලබාගැනීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී නුවන් තුශාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහු පන්දුවාර 2.3 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර පුලින තරංග ලකුණු 31කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

 

 

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තමන් සහභාගි වූ පලමු තරඟයෙන්ම කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්ථ කිරීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දුවෙන් ලකුණු 18කට කඩුලු 2ක් හා පිත්තෙන් ලකුණු 24ක් ලබාගැනීමට දනන්ජය ද සිල්වා වේ.

 

 

දනන්ජය ද සිල්වා රැකගත් සුපිරි උඩපන්දුවේ වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *