කලම්බෝ ස්ටාර්ස්ල කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 9වන තරඟය ලෙස පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 93ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝව පහළින් නැරඹිය හැකිය)

 

වර්ෂාව හේතුවෙන් තරඟය පන්දුවාර 18කට සීමා වූ, තරඟයේ කාසියේ වාසිය දිනාගත් කලම්බෝ ස්ටාර්ස් නායක දනන්ජය ද සිල්වා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 18 අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 207ක් ලබාගැනීමට සමත්වුණා.

ජැෆ්නා කින්ග්ස් ඉනිමේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක තිසර පෙරේරා පන්දු 23කදී හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 57 ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව ඉනිමේ ශොයිබ් මලික් පන්දු 23කදී හහරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබාගැනීමට සමත් වූ අතර Tom Kohler-Cadmore පන්දු 21කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් රැස්කිරීමට සමත් විය. අවසානයේදී අශේන් බණ්ඩාර පන්දු 30කදී ලකුණු 42ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී සීකුගේ ප්‍රසන්න ඔහුගේ පන්දුවාර 4 තුළදී ලකුණු 31කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව දුශ්මන්ත චමීර ලකුණු 54කට එක් කඩුල්ලක්ද, අශාන් ප්‍රියංජන් හා නවීන් උල්-හක් ද එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් විය.

 

අනතුරුව ලකුණු 208ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායට නියමිත පන්දුවාර 15.5ක් අවසානයේදී සියලුමදෙනා දැවි ලබාගැනීමට හැකිවූයේ ලකුණු 114ක් පමණි.

කලම්බෝ ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා අශාන් ප්‍රියංජන් පන්දු 25කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් රැස්කිරීමට සමත් විය.

 

ඊට අමතරව දිනේශ් චන්දිමාල් පන්දු 20කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබාගැනීමට සමත්වූ Tom Banton පන්දු 15කදී ලකුණු 18ක් ද ලබාගැනීමට සමත් විය. කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ අනෙක් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාවටවත් ලඟාවීමට නොහැකිවිය.

 

පන්දු යැවීමේදී මහීශ් තීක්ශණ සුපිරි පන්දුයැවීම නිරත වූ අතර ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.  මහීශ් තීක්ශණ හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් වනුයේ කුසල් ජනිත් පෙරේරා , Tom Banton, අශාන් ප්‍රියංජන් හා දිනේශ් චන්දිමාල් වේ.

 

ඊට අමතරව වනිඳු හසරංග ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 17කට කඩුලු 2ක් ලබාගත් අතර වහබ් රියාස් පන්දුවාර 3.5ක් අවසානයේදී ලකුණු 26කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය

 

ඒ අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තරඟය ලකුණු 93කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 23කදී වේගවත් ලකුණු 57ක් ලබාගත් තිසර පෙරේරා වේ.

 

 

 

තිසර පෙරේරා හා නවීන් උල්-හක් සමඟින් ඇතුවූ ආරවුලේ වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *