කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තෝරාගෙන අවසන්. සංචිතය මෙන්න.

දෙවන වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 5 වන දින ආරම්භ වීමට නියමිත අතර, ගියවර කලම්බෝ කින්ග්ස් නමින් ක්‍රීඩා කළ මෙවර කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තෝරාගෙන අවසන් වී තිබෙනවා.

 

 

මෙවර සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙක් ඇතුළත් වන අතර, සංචිතයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනෙක්, ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් 5 දෙනෙක් හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇතුළත්.

 

 

කලම්බෝ ස්ටාර්ස්ලා කණ්ඩායමේ නායකත්වය ඡේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට ලැබී තිබුණ අතර, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේදී ඔහු ආබාධයකට ලක් වුණා.

ඒ හේතුවෙන්, ඇන්ජලෝ මැතිව්ස් හට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භක තරඟය කිහිපයක් ක්‍රීඩා කිරීමට නොහැකි වෙනු ඇති බවටයි වාර්ථා වෙන්නේ.

 

 

ඒ හේතුවෙන් නව නායකත්වය දිනේශ් චන්දිමාල් හට ලැබී ඇති බවට වාර්ථාවෙනවා.

කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමඟින් එක්ව සිටි, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 13ක් ක්‍රීඩා කර ඇති ඩිල්ශාන් මුණවීර, මේ වන විට ඔහුව කණ්ඩාමෙන් ඉවත්කර තිබෙන අතර මේ වන විට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් එක්ව සිටිනවා.

 

 

ඒ අනුව මෙවර කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ සංචිතය,

1) ඇන්ජලෝ මැතිව්ස්
2) දිනේශ් චන්දිමාල්
3) කුසල් ජනිත් පෙරේරා
4) දනන්ජය ද සිල්වා
5) දුශ්මන්ත චමීර

 

 

6) පැතුම් නිස්සංක
7) සීකුගේ ප්‍රසන්න
8) අශාන් ප්‍රියංජන්
9) අකිල ධනංජය
10) ජෙෆ්රි වැන්ඩසේ
11) ලක්ශාන් සඳකැන්

 

 

12) හිමේශ් රාමනායක
13) ශිරාන් ප්‍රනාන්දු
14) ජෙහාන් ඩැනියල්
15) තික්ශිල ද සිල්වා
16) රවිඳු ප්‍රනාන්දු

 

 

17) ඩේවිඩ් වීසා
18) කීමෝ පෝල්
19) රවී රාම්පෝල්
20) සර්ෆේන් රදර්ෆර්ඩ්
21) ටොම් බැන්ටන්
22) නවීන් උල් හක්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *