කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 11වන තරඟය ලෙස අද (11) පැවතී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්ථා කිරීමට  කණ්ඩායම දඹුල්ල ජයන්ට්ස් සමත් වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ජයන්ට්ස් නායක දසුන් ශානක පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 138ක් ලබාගැනීමට සමත් විය.

දඹුල්ල ජයන්ට්ස් ඉනිමේ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු නිරෝශන් දික්වැල්ල පන්දු 16කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30 ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව Shoaib Maqsood පන්දු 22කදී හහරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබාගැනීමට සමත් වූ අතර Phil Salt පන්දු 18කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ද ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ සුපිරි පන්දු යැවීමට නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව Ravi Rampaul ලකුණු 27කට කඩුලු 3ක් හා සීකුගේ ප්‍රසන්න ද ලකුණු 17කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

 

අනතුරුව ලකුණු 139ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කලම්බෝ ස්ටාර්ස්ල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

කලම්බෝ කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේශ් චන්දිමාල් පන්දු 40කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව නායක දනන්ජය ද සිල්වා පන්දු 30කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබාගැනීමට සමත්වූ අතර, අනෙක් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.

 

පන්දු යැවීමේදී තරිඳු රත්නායක සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 18කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර ඉම්රාන් තහීර් ලකුණු 19කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

 

ඊට අමතරව නුවන් ප්‍රදීප් ලකුණු 46කට එක් කඩුල්ලක් ද, රමේශ් මෙන්ඩිස් ලකුණු 23කට එක් කඩුල්ලක් හා චාමික කරුණාරත්න ලකුණු 11කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.

ඒ අනුව දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම මෙම තරඟය එක් ලකුණකින් තියුණු ලෙස ජය වාර්ථා කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ ලකුණු 18කට කඩුලු 3ක් දවාගත් තරිදු රත්නායක වේ.

 

 

චාමික කරුණාරත්න , නවීන් උල්-හක් (වීඩියෝ එක බලන්න මෙනන Click කරන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *