කසුන් රාජිතගෙන් වාර්ථාවක්. පලමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව – 143/2

(වීඩියෝ පහළින් නැරඹිය හැක) තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ඊයේ (23) ආරම්භක වූ අතර, අද (24) දෙවන දිනට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 143ක් ලබාගෙන සිටියා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

පලමු දිනය නිමාවට විට පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංගලාදේශ කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටි අතර අද දිනයේ ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 88ක් පමණයි.ඒ අනුව බංගලාදේශ කණ්ඩායමේ පලමු ඉනිම ලකුනු 365කට සීමා වුණා.

බංගලාදේශ පලමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 355කදී හතරේ පහර 21ක් සමඟින් නොදැවී ලකුණු 175ක් ලබාගැනීමට සමත්විය.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඊට අමතරව ඊයේ දිනය නිමාවන විට නොදැවී ලකුණු 135ක් ලබාගෙන සිටි ලිටන් දාස් අද (24) දින ලකුණු 141කට කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ දැවීගියා. ඔහු රැස්කරගත් ශතකය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ තුන්වන ශතකයයි.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

බංගලාදේශ ඉනිමේ අනෙක් පිතිකරුවන් හට සාර්ථක වීමට නොහැකි වූ අතර මෙම ඉනිමේදී ඔවුන්ගේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ලකුණු නොලබා දැවීගියා. (Mahmudul Hasan , Tamim Iqbql , Shakib Al Hasan, Mosaddek Hossain, Khaled Ahmed , Ebadot Hossain)

ඒ අනුව ටෙස්ට් ඉනිමකදී ක්‍රීඩකයින් 6 දෙනෙකු ලකුණු නොලබා දැවීගොස්, ක්‍රීඩකයින් දෙදෙනෙකු ශතක ලබාගෙන ඇති පලමු අවස්ථාවද මෙය වේ. (ටෙස්ට් තරඟ ආරම්භක වූ වර්ෂය 1877)

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්වූයේ පන්දුවාර 28.2ක් අවසානයේදී ලකුණු 64කට කඩුලු 5ක් දවාගනිමිනි. ඊට අමතරව අසිත ප්‍රනාන්දු ද ලකුණු 93කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

කසුන් රාජිත අද දින වාර්තාවක් තැබීමට ද සමත්වුණා. බංග්ලාදේශයේදී, බංගලාදේශයට එරෙහිව ටෙස්ට් තරඟයකදී ඉනිමක කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වූ පලමු ශ්‍රී ලංකික වේගපන්දු යවන්නා බවට පත්වීමට කසුන් රාජිත සමත්විය.

ඉන්අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ඉනිම ආරම්භක කළ අතර නායක දිමුත් කරුණාරත්න සමඟින් එක්ව ඕෂධ ප්‍රනාන්දු ඉනිමේ පලමු කඩුල්ල සඳහා ලකුණු 95ක සබඳතාවයක් එක් කිරීමට සමත්වූ අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57කට දැවීගියා. ඕෂධ ප්‍රනාන්දු අද දින ලබාගත්තේ ඔහුගේ ටෙස්ට් දිවියේ 5 වන අර්ධ ශතකයයි.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඉන්අනතුරුව දිමුත් කරුණාරත්න සමඟින් එක්වූ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල සඳහා ලකුණු 44ක සබඳතාවයක් එක් කළ අතර කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස ලකුණු 11කට දැවීගියා. (කුසල් මෙන්ඩිස් – ලකුණු 11 , පන්දු 49 )

අද දිනය නිමාවන විට පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 143ක් ලබාගෙන සිටි අතර නොදැවී කඩුල්ලේ රැඳීසිටි දිමුත් කරුණාරත්න පන්දු 127කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 70ක් ලබාගෙන සිටියා. අද දින දිමුත් කරුණාරත්න රැස්කර ගැනීමට සමත්වූයේ ඔහුගේ ටෙස්ට් දිවියේ 29 වන අර්ධ ශතකයයි.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

කසුන් රාජිත ලබාගත් කඩුලු පහළින්,

 

 

පලමු දිනයේ ලබාගත් කඩුලු 3 මෙතනින් බලන්න. (Click කරන්න) – Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *