ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි. භානුක රාජපක්ෂ ඉවතට.
පෙබරවාරි 24 වන දින ආරම්භක වීමට නියමිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
මෙම තරඟාවලිය සඳහා නවක ක්‍රීඩක අශීන් ඩැනියල් නම් කර තිබෙනවා.
විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් මාස 6ක පමණ කාලයක් තරඟ තහනමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස්, දනුශ්ක ගුණතිලක දෙදෙනාම ඕස්ට්‍රේලියාවේ තරඟ සංචාරයේ නිරත වූ අතර ඉන්දියා තරඟාවලිය සඳහා ද ඔවුන් දෙදෙනා නම් කර ඇති නමුත් නිරෝශන් දික්වැල්ල මෙම සංචිතයට නම් කර නොමැත.
ශාරීරික යෝග්‍ය පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාට එරෙහි තරඟ සංචාරය ද අහිමි වූ භානුක රාජපක්ෂ ඉන්දීය සංචාරය සඳහා සහභාගී වීම සඳහා බයෝ බබල් තුළ සිටි නමුත් අවසන් මොහොතේ භානුක රාජපක්ෂව ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
මීට අමතරව ශ්‍රී ලංකා ඡේශ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරඟාවලිය සඳහා ද නම් කර නොමැති අතර, කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද මෙම සංචිතයට නම් කර නොමැත.
ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහළින්,
1) දසුන් ශානක
2) පැතුම් නිස්සංක
3) කුසල් මෙන්ඩිස්
4) චරිත් අසලංක
5) දිනේශ් චන්දිමාල්
6) දනුශ්ක ගුණතිලක
7) කමිල් මිශාර
8) ජනිත් ලියනගේ
9) වනිඳු හසරංග
10) චාමික කරුණාරත්න
11) දුශ්මන්ත චමීර
12) ලහිරු කුමාර
13) බිනුර ප්‍රනාන්දු
14) ශිරාන් ප්‍රනාන්දු
15) මහීශ් තීක්ශණ
16) ජෙෆ්රි වැන්ඩසේ
17) ප්‍රවීන් ජයවික්‍රම
18) අශීන් ඩැනියල්
මේ අතර නිමා වූ ඕස්ට්‍රේලියා සංචාරය අතරතුරේදී ආබාධයකට ලක් වූ අවිශ්ක ප්‍රනාන්දු , නුවන් තුශාර හා රමේශ් මෙන්ඩිස් හට ඉන්දීය සංචාරය අහිමි වන බැවින් ඔහුන් නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි.