ක්වින්ටන් ඩි කොක් සමාව ඉල්ලමින් ලිපියක් ඉදිරිපත් කරයි.

දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවතී තරඟයේදී, තරඟය ආරම්භ වීමට පෙර වර්ගවාදයට එරෙහිව තමන් දණ නැවීමට අකමැති වීම හේතුවෙන්, එම තරඟය ක්‍රීඩා නොකල ක්වින්ටන් ඩි කොක්, තමන් අතින් සිදුවූ වැරැද්දට සමාව ඉල්ලමින් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

 

 

ඔහුගේ ලිපියේ සිංහල පරිවර්තනය,

 

මම කැමතියි පලමුවෙන්ම මගේ කණ්ඩායම් සගයන්ගෙන් සහ මගේ රටේ ජනතාවගෙන් , ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ගන්න.මට කවදාවත් අවශ්‍ය උනේ නෑ මේක කුවින්ටන්ගේ ප්‍රශ්නයක් බවට පත් කරගන්න. මට තේරෙනවා වර්ගවාදයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය සහ මට තේරෙනවා එයට ක්‍රීඩකයින් වශයෙන් අප උදාහරණයක් සැපයිය යුතු බව. මගේ දණ නැවීමෙන් අන් අයට පාඩමක් ඉගෙනීමට උදව් වනවානන් සහ අන් අයගේ ජීවිත යහපත් වනවා නන් මම අන් කවරදාකටත් වඩා එය සතුටින් ඉටු කරමි.

 

මම එදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරගය ක්‍රීඩා කලේ කිසිවෙකුට හෝ අපහාස කිරීමේ චේතනාවකින් නෙවෙයි , මේ සිදුවීම ගැන කතා බහ ඇතිවූයේ තරඟය දිනයේ උදෑසනයි.මේ සිදුවීමෙන් කාගෙ හෝ හිත් රිදීමක් සිදුවූවා නන් මම ඒ සියලු දෙනාගෙන්ම සමාව අයැද සිටිනවා. මම මේ ප්‍රශ්නයේදී මදක් නිහඩව සිටියා නමුත් මේ පිලිබඳව පැහැදිලි කිරීමක් කිරීමට මා කැමතියි

 

 

මා ගැන නොදන්නා අයට , මම සුදු සහ කලු මිශ්‍ර පවුලකින් පැවත එන්නෙක්. මගේ සුලු සහෝදරියන් සුදු ජාතිකයින් වන අතර සුලු මව කළු ජාතික කාන්තාවක්.කලු සුදු ජීවිත ගැන කතාබහට ලක්වීමට පෙර සිටම එය මාගේ ජීවිතයට සමීපයි. නමුත් මානව අයිතිවාසිකම් සියලු දෙනාටම  අයිති දෙයක් සහ කාටවත් බල කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැහැ. ඔවුන් දණ නැවීම අනිවාර්යය කලාම මට දැනුනේ මගේ අයිතීන් මගෙන් උදුරගත්තා වැනි හැඟීමක්.

 

 

ඊයේ රාත්‍රියේ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග කතාබහක නිරත වුන අතර , එය ඉතා හැඟීම්බර මොහොතක් උනා. සැබැවින්ම මට එය නොකර ඉන්න තිබුනා යැයි මට හැඟුනා. අපට පෙර පවසා තිබුනේ තමන්ට කැමති තීරණයක් ගැනීමට අයිතිය ඇති බවයි , කෙසේ නමුත් මින් ඉදිරියට මගේ සිතුවිලි , හැඟීම් මා ලඟම තබා ගනිමින් , මගේ පවුලේ සහ මගේ රටේ අභිමානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මා සිතුවෙමි.

 

මා සමග හැදී වැඩුනු , ක්‍රීඩා කල මිතුරන් මා කවුද , කෙබඳු පුද්ගලයෙක්ද යන්න හොඳින් දනී.මා පිලිබඳව වරදවා වටහා ගනිමින් ජාතිවාදියෙක් යැයි චෝදනා නැගීම මට ඉතාමත් ශෝකජනක දෙයක් විය.එය මට පමණක් නොව , මගේ පවුලට සහ මගේ ගර්භණී බිරිඳටද ශෝකජනක සිදුවීමක් විය. මා ජාතියෙක් නොවේ , එය මගේ හිත පතුලෙන්ම මා දන්නා අතර , මා පිලිබඳව හොඳින් දන්නා අයද එය දන්නා බව මා දනිමි.

 

 

මම මගේ සියලු කණ්ඩායම් සගයන්ට එක වගේ ආදරෙයි.මෙම සිදුවීම ලෝක කුසලානයට පෙර විසදගත්තා නම් අපට අපගේ රාජකාරියට අවධානය යොමුකොට , අපේ රට වෙනුවෙන් තරඟ දිනවන්න තිබුනා.ලෝක කුසලාන සමය ලංවද්දී යම් යම් සිදුවීම් නිතරම සිදුවන බවට පෙනීයනවා.ඒක එතරම් සුභදායි සිදුවීමක් නොවෙයි.මම මගේ කණ්ඩායම් සගයන්ට ස්තූතියි කරන්න කැමතියි ලබාදුන්න සහයෝගයට , විශේෂයෙන්ම නායකයා ටෙම්බා බවුමා හට.මිනිසුන් තවම ඔහුව හරිහැට අඳුරගෙන නැහැ.ඔහු විශිෂ්ට නායකයෙක්.මගේ රට , මගේ කණ්ඩායම වෙනුවෙන් නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වඩා වැඩි දෙයක් මට නැත.

 

 

පරිවර්තනය – Naveen Krishmal –

 

 

• ක්වින්ටන් ඩි කොක් ඉදිරිපත් කළ තිබූ ලිපිය මෙන්න.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *