ක්‍රිස් ගේල්, ඩු ප්ලෙසිස් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිට.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයින්ගේ ලියාපදිංචිය අවසන් වී ඇති අතර ලොව වටා විදෙස් ක්‍රීඩකයින් 677 දෙනෙකු මෙවර තරඟාවලියට ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය මඟින් සඳහන් කරනවා.
මෙලෙස ලියාපදිංචි වී සිටින විදෙස් ක්‍රීඩකයින් අතරට ක්‍රිස් ගේල්, ඇන්ඩෘ රසල්, ඩේවිඩ් මලාන්, සහීඩ් අෆ්රිඩී, ෂොයිබ් මලික් , හායි හෝප්, ෆැෆ් ඩු ප්ලෙසිස්, ෂේල්ඩන් කොට්රල් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටින බවට වාර්ථා වෙනවා.

Photo by Deepak Malik / Sportzpics for BCCI
මෙම ක්‍රීඩකයින් 677 දෙනාගේ නම් කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කිරීමෙන් පසු එම ක්‍රීඩකයින් ගෙන් 200 දෙනෙකු පමණ ක්‍රීඩක තෝරා ගැනීමට යොමු කිරිමට නියමිතයි.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ( LPL Player Draft ) ක්‍රීඩක තෝරා ගැනීම ලබන 29 වන සිකුරාදා පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අමතරව මෙවර තරඟාවලිය සඳහා දේශීය ක්‍රීඩකයින් ද 380 දෙනෙකු ලියාපදිංචි වී තිබෙන බව ද ඔවුන් සඳහන් කර සිටිනවා.
කෙසේ නමුත්, එංගලන්ත සංචාරය අතරතුරේදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් හා මාස 6ක දේශීය තරඟ තහනමකට ලක් වූ කුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල , දනුශ්ක ගුණතිලක හට දෙසැම්බර් 04 වන විට මාස 6ක කාලය සම්පූර්ණ නොවීම නිසා මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වෙනවා.
තරඟාවලිය දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර 2020 මෙන් මෙවර ද ජැෆ්නා, දඹුල්ල, කලම්බෝ , ගෝල්, කැන්ඩි යන කණ්ඩායම් 5කින් තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.
2020 වසරේ අවසන් මහා තරඟය තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටයිලියන්ස් හා බානුක රාජපක්ෂගේ නායකත්වයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමත් තරඟ වැඳුන අතර කිරුළ දිනාගැනීමට සමත් වූයේ ජැෆ්නා ස්ටයිලියන්ස් කණ්ඩායමයි.