ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි. (Probable)

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායමට අතර 16 වන දින ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

 

කොවිඩ් වෛරසය වැළදීම හේතුවෙන්, මෙම තරඟාවලිය ක්‍රීඩාකිරීමට අවනිශ්චිතව සිටි දසුන් ශානක, සම්පූර්ණ සුවය ලබා ඇති බැවින් මෙම සංචිතයට නම් කර ඇති අතර, මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දසුන් ශානක විසිනි.

 

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ හේතුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ භානුක රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එකතුකර ගැනීම සඳහා උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා ද ඔහු සමඟින් සාකච්ඡා කර ඇති බවට වාර්ථා වූ නමුත්, මෙම සංචිතය සඳහා භානුක රාජපක්ෂව නම් කර නොමැත.

 

නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟවලියේ දක්ශතා දැක්වූ නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද මෙම සංචිතයට නම් කර ඇති අතර, එම ක්‍රීඩකයින් වනුයේ කමිල් මිශාර, කලන පෙරේරා, චාමික ගුනසේකර, නුවන් ප්‍රදීප් හා ජනිත් ලියනගේ වේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු වූ අවිශ්ක ප්‍රනාන්දු , ඊයේ (8) දිනයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්ථා වූ අතර, ඔහුට මෙවර තරඟාවලිය අහිමි වී ඇත. ඒ හේතුවෙන් තරඟ තහනමකට ලක්වී සිටි කුසල් මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බවටද වාර්ථා වේ.

 

තවද, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන, තුන්ඉරියව්වෙන්ම දක්ශතා දැක්වීමට හැකි වනිඳු හසරංග, ආබාධයක් හේතුවෙන් මෙවර තරඟාවලිය ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්දුවෙන් දක්ශතා දැක්වූ ජෙෆ්රි වැන්ඩසේ නැවතත් සංචිතයට එක්කරගෙන තිබෙනවා.

 

ඒ අනුව ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙන්න. (Probable)

දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
දනන්ජය ද සිල්වා
මිනෝද් බානුක

චරිත් අසලංක

 

චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිශාර
ජෙෆ්රි වැන්ඩසේ
රමේශ් මෙන්ඩිස්

 

ප්‍රවීන් ජයවික්‍රම
මහීශ් තීක්ශණ
දුශ්මන්ත චමීර
ලහිරු කුමාර
නුවන් තුශාර

 

චාමික ගුණසේකර
කලන පෙරේරා
කුසල් මෙන්ඩිස් ( අවිශ්ක ප්‍රනාන්දුට සහභාගි වීමට නොහැකි බැවින් ) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *