ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
එළබෙන 23 වෙනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – බංගලාදේශය කණ්ඩායම අතර තරඟ 3කින් එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා. සංචිතයට සාමාජිකයින් 18 දෙනෙකු ඇතුළත් වන අතර එහි නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිබෙනවා. තරඟ කිහිපයක් අසාර්ථක වීම නිසා විවේකයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් නැවත කණ්ඩායමට ඇතුළත් වී ඇති අතර උපනායකත්වය ද ලබා දී තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමු කර ඇති ශ්‍රී ලංකා සංචිතය..
1) කුසල් ජනිත් පෙරේරා (නායක)
2) දනුශ්ක ගුණතිලක
3) කුසල් මෙන්ඩිස් ( උපනායක)
4) පැතුම් නිස්සංක
5) දනන්ජය ද සිල්වා
6) අශේන් බණ්ඩාර
7) නිරෝශන් දික්වැල්ල
8) දසුන් ශානක
9) ඉසුරු උදාන
10) චාමික කරුණාරත්න
11) ලක්ශාන් සඳකැන්
12) වනිඳු හසරංග
13) රමේෂ් මෙන්ඩිස්
14) ශිරාන් ප්‍රනාන්දු
15) බිනුර ප්‍රනාන්දු
16) දුශ්මන්ත චමීර
17) අසිත ප්‍රනාන්ද
18) අකිල ධනංජය
ආබාධයක් හේතුවෙන් නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට සහභාගී වීමට නොහැකි වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2KM ක් විනාඩි 8යි තප්පර 35ක් දිවීමේ යෝග්‍යතා පරීක්ශනය අසමත් වීම නිසා ඔහුට මෙම සංචාරය සඳහා ද එක් වීමට නොහැකි වී තිබෙනවා. බංගලාදේශය සංචාරය එළබෙන 23වන දින ආරම්භ වීමට නියමිත අතර තරඟ 3ම දිවා රාත්‍රී තරඟ ලෙසින් පැවැත්වීමට නියමිතව ඇත.