ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබළ ක්‍රීඩකයෙක් වන භානුක රාජපක්ෂ පසුගිය දා හදිස්සියේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර, තමන් සමුගැනීමට හේතුව පෞද්ගලික හේතුවක් බව ද ක්‍රිකට් ආයතන මඟින් සඳහන් කර තිබුණා.
මේ අතර, යළින් වරම් බානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟින් එක්වීමට බොහෝ ප්‍රේක්ෂකයන් ඔහුගෙන් “සමුගන්න එපා” (#dontretirebhanuka) යනුවෙන් සෝශල් මීඩියා තුළ ඉල්ලීම් කර ඇති තිබූ නමුත් භානුක රාජපක්ෂ තවමත් ඔහුගේ තීරණය වෙනසක් සිදු නොකිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර අද දින, ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාද භානුක රාජපක්ෂගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නැවතත් සලකා බලන ලෙසට ඔහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ඇති ලිපියේ ඇතුළත් වී තිබූ තවත් කරුණු පහළින්,
ඕනෑම ක්‍රීඩකයෙකුට ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ජීවිතය ද අභියෝගාත්මකය. මේ සියලුදෙනා වෘත්තීමය ක්‍රීඩකයින් වේ. ඒ නිසා වෘත්තීමය ක්‍රීඩකයන් හැමවිටම එම වෘත්තිමය තත්ත්වයන් රැක ගැනීමටත් එය ආරක්ෂා කිරීමටත් බැඳී සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. ඊට ගරු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට අපි පහුගිය කාලයේදී ක්‍රියා කළෙමු.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හා ක්‍රිකට් තාක්ශණික උපදේශක කමිටුව තීන්දුවක් ලෙස හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙස ද පත් කෙරිණි.
ඔහුගේ සේවය මේ වන විට වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ දී අපගේ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ද ලබා ගනිමින් තිබේ.
මේ අයුරින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා මේ වන විට දිගු කාලීන සැලැස්මක් සකස් කර ඇති අතර එය තාක්ෂණික වැඩපිළිවෙලකින් ද සමන්විතය. එය ක්‍රමවත්ව ඉදිරියට යාම තුළින් කෙටි කාලීන ජයග්‍රහණයන්ට වඩා කලක් පවතින ජයග්‍රාහි මාවතක් උදාවනු ඇති බව මාගේ විශ්වාසයයි.
වෘත්තිමය බැඳීම්වලට ගරු කරමින් ක්‍රීඩකයන්ට සිය පෞද්ගලික හේතුමත ක්‍රීඩා කණ්ඩායමකින් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් තිබේ. එවැනි අවස්ථාවක එසේ ඉවත්ව යාමට ගන්නා තීන්දුව ක්‍රීඩකයාගේ තීන්දුවක් විය යුතුය.
ඇතැම් විට මෙවැනි තීන්දුවකට පරිපාලනය සමඟ ඇතිවන ගැටලුවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැඳිහත්වීමට අවස්ථාවක් ඇත.
එසේ වුවද එක් ක්‍රීඩකයකු හෝ කිහිපදෙනෙකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යූහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නැත. එවැනි මැදිහත්වීම් කළ විට සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම කඩා වැටීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ උදෙසා සැලැස්මකට අනුව ක්‍රියාත්මක වනු දැකීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මා ඇතුළු සියලුම ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන්හීදී ද ක්‍රීඩකයාගේ විනය මෙන්න පරිපාලකයින්ගේ විනය සම්බන්ධයෙන් ද මා දැඩි ව සිටින බව සිහිපත් කළ යුතුය.
පසුගිය කාලයේදී ඇතැම් ක්‍රීඩකයින්ගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔවුන්ට දඬුවම් නියම කෙරිණි. ඔවුන්ට නැවත ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලැබුණේ අදාළ දඩුවම් කාලය තුළ එම තීන්දුවට ගරු කරමින් හැසිරීම නිසාය. එම ක්‍රීඩකයින් වුවද නැවත වතාවක් විනය විරෝධීව රටට අපකීර්තියක් ගෙනන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් නියම කිරීම දක්වා වූ තීරණයකට එළඹීමට වුවද මා මැලි නොවන බව සිහිපත් කරමි.
නාමල් රාජපක්ෂ
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය.