කාලයකට පසු එක්දින කණ්ඩායමට එක්වූ කසුන් රාජිතගෙන් සුපිරි පන්දු යැවීමක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද (27) පැවැත්වුණ අතර, දිගින් දිගටම ඇද හැලුනු වර්ෂාපතනය හේතුවෙන් තරඟය නවතා දැමීමට සිදුවුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන් Hashmatulla Shahidi පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට පන්දුවාර 48.2 අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 228ක් පමණයි..

ඇෆ්ගනිස්තාන් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 73කදී හතරේ පහර 4ක් හා හයේ පහර 4ක් සමඟින්  ලකුණු 68 ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව, පෙර තරඟයේදී අර්ධ ශතකයක් ලබාගත් Rahmat Shah මෙම තරඟයේදීත් අර්ධ ශතකයක් ලබාගනිමින් පන්දු 78කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් ලබාගත් අතර, Mohommad Nabi පන්දු 34කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක්සමඟින් ලකුණු 41ක් ද ලබාගැනීමට සමත්විය..

 

 

පන්දු යැවීමේදී, සුපිරි පන්දු යැවීමක නිරත වූ වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 31ක් පමණක් ලබාදී කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වුණා.

හෙට දිනයේදී ඔහුගේ විවාහ මංග්‍යය පැවැත්වීමට නියමිත වන අතර අද දිනයේදී ඔහු මෙලෙසින් දක්ශතා දැක්වීම සම්බන්ධයෙන් ද බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. (Photoshoot එකේ Photo කිහිපයක් පහළින්ම නැරඹිය හැක)

 

 

ඊට අමතරව, මහීශ් තීක්ශන පන්දුවාර 10 අවසානයේදී ලකුණු 49කට කඩුලු 2ක් හා ලහිරු කුමාර ලකුණු 50කට කඩුලු 2ක් දවාගත් අතර, දනංජය ද සිල්වා හා වනිඳු හසරංග ද එක් කඩුල්ල බැඟින් බිඳ දැමීමට සමත්වුණා.

ඉන් අනතුරුව ලකුණු 229ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට, වර්ෂාවෙන් බාධා වීමට පෙර පන්දුවාර 2.4ක් අවසානයේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 10ක් පමණයි.

 

 

ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිස්සංක පන්දු 8කදි ලකුණු 3ක් හා කුසල් මෙන්ඩිස් පන්දු 8කදී ලකුණු 2ක් ලබාගෙන සිටි අතර, විටින් විට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් නැවතත් තරඟය ආරම්භ කිරීමට නොහැකි වීම නිසා, තරඟය ප්‍රතිඵලයකින් තොරව නිමාවට පත්වුණා.

ඒ අනුව, පලමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 60ක විශිෂ්ඨ ජයක් ලබාගත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම තරඟාවලියේ තරඟ 1-0ක් ලෙස පෙරමුණ ගෙන තිබෙන අතර තරඟාවලියේ තුන්වන හා අවසන් එක්දින තරඟය ලබන 30 වෙනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි..

 

 

කසුන් රාජිත ලබාගත් කඩුලු 3 වීඩියෝව හා, විවාහට පෙර කළ Photoshoot එකෙහි Photos කිහිපයක් පහළින්, 

 

 

1)

 

 

2)

 

 

3)

 

 

4)

 

 

5)

 

 

6)

 

 

7)

 

 

8)

 

 

9)

 

 

10)

 

 

11)

 

 

12)

 

 

13)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *