කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරදා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.

දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන තරඟය ලෙස පැවතී Kandy warriors කණ්ඩායම හා Dambulla Giants කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 21ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Dambulla Giants කණ්ඩායම සමත් වුණා. (නුවනිදු ප්‍රනාන්දු රැකගත් සුපිරි උඩපන්දුවේ වීඩියෝව පහළින් නැරඹිය හැක)

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් Dambulla Giants කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 190ක් ලබාගැනීමට සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Phil Salt විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 27කදී හතරේ පහර 4ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 64ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Phil Salt සමඟින් ඉනිම ආරම්භ කළ නිරෝශන් දික්වැල්ල පන්දු 23කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබාගැනීමට සමත් වූ අතර නායක දසුන් ශානක පන්දු 18කදී හතරේ පහරක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 24ක් ද ලබාගැනීමට සමත් විය. ඉනිම අවසානයේදී රමේශ් මෙන්ඩිස් විසින් පන්දු 11කදී ලකුණු 22ක් ලබාගැනීමට හේතුවෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව 190ක් දක්වා ඉහළ නැංවීමට හැකිවිය.

 

 

පන්දු යැවීමේදී ලහිරු කුමාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහුගේ පන්දුවාර 4 තුළ ලකුණු 34කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර Al-amin Hossain ලකුණු 36කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව Sachindu Colombage හා Rovman Powell අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදී ගියහ.

අනතුරුව ලකුණු 191ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී Kandy warriors කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 170ක් පමණයි.

කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rovman Powell පන්දු 21කදී හතරේ පහරක් හා හයේ පහරවල් 4ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව ඇන්ජලෝ පෙරේරා පන්දු 22කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබාගැනීමට සමත්වූ අතර ආරම්භක පිතිකරු Kennar Lewis හා කමිඳු මෙන්ඩිස් ද ලකුණු 17 බැඟින් හා ඉශාන් ජයරත්න ලකුණු 18ක් හා Sachindu Colombage පන්දු 16කදී ලකුණු 27ක් ද ලබාගැනීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 31කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ රමේශ් මෙන්ඩිස් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 21කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. Imran Tahitr ද පන්දුවාර 4 අවසානයේදී ලකුණු 28කට එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත් විය.

 

 

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තමන් සහභාගි වූ පලමු තරඟයම ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත් වූ අතර  තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 27කදී ලකුණු 64ක් ලබාගත් Phil Salt වේ.

 

 

නුවනිදු ප්‍රනාන්දු රැකගත් සුපිරි උඩපන්දුවේ වීඩියෝව,

 

 

තරඟ තහනමකට ලක්ව සිට නැවත ක්‍රිකට් ආරම්භ කරමින් ලකුණු 37ක් ලබාගෙන සිටි නිරෝශන් දික්වැල්ල, ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී ගිය ආකාරය,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *