කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අටවන තරඟය ලෙස පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 14ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

 

වර්ෂාව හේතුවෙන් තරඟය පන්දුවාර 14කට සීමා වූ, තරඟයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි වොරියර්ස් නායක ඇන්ජලෝ පෙරේරා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 14 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබාගැනීමට සමත් විය.

ජැෆ්නා කින්ග්ස් ඉනිමේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 23කදී හයේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව ඉනිමේ නායක තිසර පෙරේරා ද වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 21කදී හහරේ පහර 2ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් ලබාගැනීමට සමත් වූ අතර, චතුරංග ද සිල්වා පන්දු 10කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් රැස්කිරීමට සමත් විය.

 

පන්දු යැවීමේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ සියලුම පන්දු යවන්නන් ප්‍රහාරයකට ලක්වුන අතර, Shiraz Ahmed පමණක් සාර්ථක වෙම්න් ඔහුගේ පන්දුවාර 4 තුළදී ලකුණු 22කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව නිමේශ් විමුක්ති, කමිඳු මෙන්ඩිස් හා Al-Amin Hossain අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

 

අනතුරුව ලකුණු 181ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කැන්ඩි වොරියර්ස් කණ්ඩායට නියමිත පන්දුවාර 14 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 166ක් පමණි.

කැන්ඩි වොරියර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා රොව්මන් පවල් පන්දු 16කදී හතරේ පහර 2ක් හා හයේ පහරවල් 7ක් සමඟින් වේගවත් ලකුණු 61ක් රැස්කිරීමට සමත් විය.

 

ඊට අමතරව ආරම්භක පිතිකරු ලෙස පැමිණී චරිත් අසලංක ද වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 19කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත්වූ Kennar Lewis පන්දු 36කදී හතරේ පහරවල් 3ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 41ක් ද ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී Jayden Seales පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 30කට කඩුලු 2ක් දවාගත් අතර, චතුරංග ද සිල්වා ලකුණු 32කට එක් කඩුල්ලක් හා සුරංග ලක්මාල් ද ලකුණු 24කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.

 

ඒ අනුව කැන්ඩි වොරියර්ස් කණ්ඩායම තරඟය ලකුණු 14කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු පන්දුවාර 3 තුළ ලකුණු 25කට එක් කඩුල්ලක් දවාගත් සුරංග ලක්මාල් වේ.

 

අවිශ්ක ප්‍රනාන්දු විසින්, ටීම් එම් සම්පත්ගේ පන්දුවාරයකට පිට පිට එල්ල කළ හයේ පහරවල් 5 (වීඩියෝ),

 

 

Shiraz Ahamed තිසර පෙරේරා දවාගැනීමට යොමු කළ සුපිරි පන්දුව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *