කැන්ඩි වොරියර්ස් කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පලමු ජය වාර්ථා කරයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 10වන තරඟය ලෙස අද (11) පැවතී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්ථා කිරීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමත් වුණා.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ග්ලැඩියේටස් නායක භානුක රාජපක්ෂ පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 127ක් පමණි.
ගෝල් ග්ලැඩියේටස් ඉනිමේ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 34කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 44 ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඉනිමේ සමිත් පටෙල් පන්දු 32කදී හහරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබාගැනීමට සමත් වූ අතර දනන්ජය ලක්ශාන් පන්දු 15කදී ලකුණු 14ක් හා Ben Dunk පන්දු 14කදී ලකුණු 12ක් ලබාගත් අතර අනෙක් පිතිකරුවන් හට ලකුණු 10 සීමාවටවත් පැමිණීමට නොහැකි විය.
පන්දු යැවීමේදී කමිඳු මෙන්ඩිස් සුපිරි පන්දු යැවීමට නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 තුළදී ලකුණු 25කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව නිමේශ් විමුක්ති ලකුණු 7කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූ අතර Shiraz Ahmed ද ලකුණු 23 කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.
අනතුරුව ලකුණු 128ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 18.4 ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 131ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.
කැන්ඩි වොරියර්ස් ජයග්‍රහණයේ පුරෝගාමියා වූ Ravi Bopara පන්දු 39කදී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය.
ඊට අමතරව Tom Moores පන්දු 21කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබාගැනීමට සමත්වූ අතර, චරිත් අසලංක පන්දු 19කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ද ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී සමිත් පටෙල් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව Mohommad Amir , දනන්ජය ලක්ශාන් හා නුවන් තුශාර ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
ඒ අනුව කැන්ඩි වොරියර්ස් කණ්ඩායම තරඟය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 39කදී නොදැවී ලකුණු 34ක් ලබාගත් රවී බොපාරා වේ.
කුසල් මෙන්ඩිස් එල්ල කළ හයේ පහරක් (Video)