කුසල් ජනිත් පෙරේරාව නායකත්වයෙන් ඉවත් කරයි. ඉදිරි තරඟාවලි සඳහා නව නායකයෙක්.

පසු ගිය බංගලාදේශ සංචාරයේදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට ලබා දුන් අතර, ඉන්පසුව පැවතී එංගලන්තය සංචාරයේද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ කුසල් ජනිත් පෙරේර විසිනි. කෙසේ නමුත් කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය හමුවේ තරඟ 9ක් ක්‍රීඩා කළ අතර ඉන් තරඟ 7ක් පරාජයට පත් වී එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කිරීමට හැකි විය.

 (Photo by Geoff Caddick / AFP) (Photo by GEOFF CADDICK/AFP via Getty Images)

ආරම්භයේදී ශ්‍රී ලංකා තේරුම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කුසල් ජනිත් පෙරේරා හට තරඟාවලි දෙකක් ලබා දී ඔහුගේ නායකත්වය පිළිඹඳව පරීක්ශා කර බව පැවසීය. කෙසේ නමුත් කුසල් ජනිත් නායකයෙකු ලෙස අසාර්ථක වීම හේතුවෙන් ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකත්වය දසුන් ශානක හට ලබා දීමට තීරණය කර ඇති අතර මීට පෙර ඔහු විසින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 3කට නායකත්වය ලබා දී තරඟ එම තරඟ තුනම ජයග්‍රහණය කිරීමට සමත් විය.

මේ වන විට 29 වියේ පසුවන දසුන් ශානක ජාත්‍යන්තර එක්දින තරඟ 28 ක්‍රීඩා කරමින් ලකුණු  611ක් ලබාගෙන ඇති අතර, විස්සයි විස්ස තරඟ 43ක් ක්‍රීඩා කරමින් ලකුණු 548ක් ලබා ගැනීමට සමත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *