කුසල් පෙරේරා බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන කණ්ඩායමේ සැලසුම් ඉදිරිපත් කරයි.
ශ්‍රී ලංකා – බංගලාදේශය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය 23 වන දින ආරම්භ වීමට නියමිත වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකා වන කුසල් ජනිත් පෙරේරාගේ සැලසුම ඉදිරිපත් අර තිබුණා.
නව නායකත්වය යටතේ සෙල්ලම් කරන පලමු තරඟාවලිය වීමත්, ඔහුට ලැබී තිබෙන සංචිතයට තරුණ ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට පීඩනයක් ඇති බව ඔහු විසින් සඳහන් කර තිබුණා.
“ඕනම මැච් එකක් සෙල්ලම් කරන කොට හැම ක්‍රීඩකයෙකුටම ප්‍රෙශර් එකක් තියනවා. ඒ වගේම කණ්ඩායමක් මෙහෙයවනවා කියන්නෙත් එක්තරා දුරකට ප්‍රෙශර් එකක්. ඉතින් ඒ වගේ ප්‍රෙශර් එකකදී සෙල්ලම් කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. එකපාරටම මට කියන්න බෑ 100%ක්ම හැමදේම කරන්න පුලුවන් කියලා. අපිට ගොඩක් තරුණ ක්‍රීඩකයින්ගේ සංචිතයක් ලැබිලා තියෙන්නේ. තේරීම් කමිටුවේ නිළධාරීන්ගේ අදහසක් තියනවා තරුණ ක්‍රීඩකයින්ට වැඩිපුර අවස්ථාව දෙන්න. කෙසේ වෙතත් අපිට ලැබිලා තියන කණ්ඩායම හොඳයි. මට ලොකු බලාපොරොත්තුවක් තියනවා ෆීල්ඩින් වලින් ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා.”
සංචිතයේ නිරෝශන් දික්වැල්ල සිටියත් බොහෝ දුරට තමන් කඩුලු රැකීමේ කාර්යය කරන බව ඔහු විසින් පවසා තිබුණා.
“ගොඩක් දුරට මම කඩුලු රකිනවා. නමුත් තවම අපි සෙල්ලම් කරන ටීම් එක තෝරගෙන නැහැ. අපි අද ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා බලලා තමා කණ්ඩායමක් තෝරගන්න හිතාගෙන ඉන්නේ.”
නිරෝශන් දික්වැල්ල පුහුණු තරඟයේ හොඳින් ලකුණු අතරට පැමිණියත්, කණ්ඩායමේ සංයුතිය ගැන බලන විට ඔහු ගැන තීරණයක් ගැනීමට සිදුවන බව කුසල් ජනිත් පෙරේරා පවසා සිටියා. කුසල් විසින්, නිරෝශන් දික්වැල්ල ස්ථිර වශයෙන්ම ක්‍රීඩා කරන බව සඳහන් කරේ නැහැ.
“ටීම් එකේ සංයුතිය හදන කොට ප්‍රශ්නයක් එනවා. නිරෝශන් දික්වැල්ල කියන ක්‍රීඩකයත් හොඳට සෙල්ලම් කරල තියනවා. නමුත් ටීම් එකේ බැලන්ස් එක බලන කොට අපිට ඔහු ගැන තීරණයක් ගන්න වෙනවා. අපි ගොඩාක් වෙලාවට බලන්නේ ෆෝම් එකේ ඉන්න අයට අවස්ථාව දෙන්න.”
පෙරේදා පැවතී 2KM ක දුරක් විනාඩි 8 තප්පර 35කට අඩු කාලයකින් දිවීමේ යෝග්‍යතා පරීක්ශනයේදී බංගලාදේශට එරෙහිව ක්‍රීඩා කිරීමට නම් කළ සංචිතයේ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දනුශ්ක ගුණතිලක හා දනන්ජය ද සිල්වා අසමත් වුවත්, මෙම තරඟාවලිය ක්‍රීඩා කිරීමට ඔවුන් දෙදෙනාට බාධාවක් නොමැති බව නායකයා තවදුරටත් පවසා තිබුණා.
” පෙරේදා තිබ්බ ෆිට්නස් ටෙස්ට් එක තිබ්බේ එංගලන්තය සංචාරයේ ඉදන් ඉස්සරහට තියන තරඟාවලිවලට. මොකද අපි ලංකාවෙන් එන කොට හැමෝම ෆිට්නස් ටෙස්ට් එක කරලා තිබුණේ. ඒ ෆිට්නස් ටෙස්ට් එකෙන් තමා බංගලාදේශය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කරලා තිබුණේ. ඒ නිසා මේ ඉන්න සියලුම ක්‍රීඩකයින්ට බංගලාදේශ තරඟාවලිය ක්‍රීඩා කරන්න පුලුවන්.”
කණ්ඩායමෙන් ඉවතට විසිවී සිටි කුසල් මෙන්ඩිස් නැතව කණ්ඩායම සමඟ එක්ව ඇති බැවින් ඔහු ක්‍රීඩා කරන ස්ථානය පිළිඹඳ පැහැදිලි කරමින් කියා තිබුණේ කුසල් මෙන්ඩිස් නම්බර් 4 හෝ 5 ස්ථාන දෙකේ ක්‍රීඩා කරවීමට බලාපොරොත්තු වන බවයි.
“කුසල් මෙන්ඩිස් කියන්නේ ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්. එයාට දිගු ඉනිම් ගහන පුලුවන්. ඒ නිසා ගොඩක් දුරට කුසල් මෙන්ඩිස් නොම්බර 4 හෝ 5 යන ස්ථාන දෙකේ සෙල්ලම් කරන්නේ.”

මෙම සංචිතයේ අත්දැකීම් බහුල පන්දු යවන්නන් නොමැති වීම හේතුවෙන්, තරඟයේ වටිනාම අවසන් ඕවර් 10 සාර්ථකව අවසන් කිරීම පිලිඹඳ අදහස් දැක්වූ කුසල් ජනිත් පෙරේරා පවසා තිබුණේ නවක පන්දු යවන්නන්ට පලමු තරඟයෙන්ම සාර්ථක වේ යැයි කීමට නොහැකි බවත් ඔවුන්ට ඒ ඒ අවස්ථාවලදී පන්දු යැවීම ලබා දී ඔවුන්ට අත්දැකීම් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
“අපිට කාලයක් තිස්සේ තිබුණ ප්‍රශ්නයක් තමයි අන්තිම ඕවර් 10 දී බෝල් කරන්න කවුරුත් නැති එක. නමුත් කට්ටියට ඒ ඒ අවස්ථාවලදී බෝල් කරන්න එයාලට ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. අපිට කියන බෑ එයාලා පලවෙනි මැච් එකේදීම හොඳට කරන්න පුරුදු වෙයි කියලා. එයාලා බෝල් කරන කොට බැට්ස්මන්ලගෙන් හොඳට ගුටි කාලා තමා පුරුදුවෙන්න ඕනේ. එතකොට තමා එයාල ඒ ඒ අවස්ථා වලදී හොඳට බෝල් කරන්න ඉගෙන ගන්නේ. අපි ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙන්නයි, දඟ පන්දු යවන්නන් දෙන්නයි, බෝලින් ඕල්රවුන්ඩර් කෙනෙක් එක්ක තමා ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්නේ.”