කුසල් මෙන්ඩ්ස්, දික්වැල්ල හා දනුශ්ක ගුණතිලක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන දේවල් බොරු – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසයි.
මෙම වසරේ එංගලන්ත තරඟ සංචාරය අතරතුරේදී ජෛව ආරක්ෂිත බුබුල බිඳ දමා එංගලන්තයේ දරම් නගරයේ රාත්‍රී වීදි සංචාරයේ යෙදීම හේතුවෙන් තරඟ තහනමකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් , නිරෝශන් දික්වැල්ල හා දනුශ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනාට දේශීය ක්‍රිකට් තරඟාවලිය සඳහා එක්වීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් තවමත් කිසිඳු තීරණයක් ලබාගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
වසරක ජාත්‍යන්තර තරඟ හා මාස 6ක දේශීය තරඟ තහනමකට ලක් මෙම ක්‍රීඩකයින් තිදෙනා හට අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය තුළදී නැවතත් දේශීය ක්‍රිකට් පිටියට එක්වීමට අවසර ලැබෙන බව සඳහන් කරමින්, මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් යමින් පවතිනවා.
හිරු නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට, මෙම සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරනය වන දේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමකදී එහි උසස් නිළධාරියෙකු විසින් ප්‍රකාශ කර ඇත්තේ, එම කාරණය සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබෙමින් පවතින නමුත් මෙම ක්‍රීඩකයින් තිදෙනාට දේශීය තරඟාවලි සඳහා එක්වීමට අවසර දෙනවා ද නැද්ද යන්න සම්බන්ධ අවසන් තීරණයක් මෙතෙක් ලබාගෙන නොමැති බවයි.
මේ අතර, මීට පෙර සී සී සී ක්‍රිකට් ක්‍රීඩා සමාජය නියෝජනය කළ දක්ශ පිතිකරුවෙක් වන කුසල් මෙන්ඩිස්, එළබෙන දේශීය ක්‍රිකට් තරඟ වාරය සඳහා එස් එස් සී ක්‍රීඩා සමාජය සමඟින් එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබුණා.
2022 වසරේ පැවැත්වීමට නියමිත ලෙජන්ඩ් ක්‍රිකට් තරඟාවලියේ විස්තර මෙතනින් බලන්න. (Click)
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න.(Click)