කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිමක්. Pretoria කණ්ඩායමට ලකුණු 59ක ජයක්.
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) SA20 තරඟාවලියේ 30 වන තරඟය ලෙස පැවතී Pretoria Capitals කණ්ඩායම හා Paarl Royals කණ්ඩායම අතර තරඟයෙන් Paarl Royals කණ්ඩායම පරදා ලකුණු 59ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Pretoria Capitals කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Paarl Royals කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Pretoria Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 226ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී, සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 41කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 8ක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 80ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, Colin Ingram පන්දු 21කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් වේගවත් ලකුණු 41ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු Phil Salt පන්දු 21කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් හා james Neesham පන්දු 11කදී වේගවත් ලකුණු 22ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Lungi Ngidi පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 39කට කඩුලු 2ක් දවාගත් අතර, Codi yusuf හා Andile Phehlukwyo එක් කඩුල්ල බැඟින් ද දවාගනු ලැබූවා.
අනතුරුව ලකුණු 227ක දැවැන්ත ලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Paarl Royals කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 167ක් පමණයි.
paarl ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් වැඩිම ලකුණු ලාභියා Jos Buttler පන්දු 45කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හයේ පහර 5ක් සමඟින් ලකුණු 70ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව Eoin Morgan පන්දු 12කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 24ක් හා ආරම්භක පිතිකරු Paul Stirling පන්දු 10කදී ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්විය. නායක David Miller හට පන්දු 17කට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 11ක් පමණයි.
පන්දු යැවීමේදී James Neesham පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 28කට කඩුලු 3ක් දවාගත් අතර, Migael Pretorius ලකුණු 21කට කඩුලු 2ක් හා Adil Rashid ලකුණු 18කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්වූණා. ඊට අමතරව Ethana Bosch හා Anrich Nortje එක් කඩුල්ල බැඟින් ද දවාගනු ලැබූවා.
ඒ අනුව, Paarl Royals කණ්ඩායමට එරෙහිව ලකුණු 59 විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Theunis de bruyn ප්‍රමුඛ Pretoria Capitals කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ වේගවත් ලකුණු 80ක් ලබාගත් කුසල් මෙන්ඩිස් වේ.
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිම වීඩියෝව, (Video)
Menda ? pic.twitter.com/fXCJo3ULs8
— Stay Cricket (@staycricket) February 8, 2023