කුසල් මෙන්ඩිස්ගේ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ශාවක් පොසිටිව් වෙල තිබෙනවා.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාවට අතර තරඟ 5කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය මෙම මස 11 වන දින ආරම්භක වීමට නියමිත වන අතර, අද දින (8) ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් තරඟාවලිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරඟාවලියට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්වී සතියක් පමණ වන අතර, මේ වන විට ඕස්ට්‍රේලියාවේ කාලගුණික තත්වය හා පුහුණුවීම් සම්බන්ධයෙන් නායක දසුන් ශානක මෙලෙස අදහස් දක්වා සිටියා.
“අපි ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ හොඳින් Practice කරා. මේ වන විට කාළගුණයනම් වැසිබර කාලගුණයක් තියෙන්නේ. නමුත් තරඟාවලිය ආරම්භ වන විට හැමදේම හොඳ විදිහට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
තරඟාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ සිටි චාමික කරුණාරත්න හා නුවන් තුශාර හට කොවිඩ් ආසාදනය වූ අතර, මේ වන විට ඔවුන්ගෙ තත්වය සම්බන්ධයෙන් අදහස දැක්වූ දසුන් ශානක ප්‍රකාශ කර සිටියේ කුසල් මෙන්ඩිස්ගේ කරන ලද ඇන්ටිජන් පරීක්ශාවක් පොසිටිව් වී ඇති බවයි.
“අපේ ක්‍රීඩකයින් හැමෝම මෙම තරඟාවලියට සූදනම් වෙලා ඉන්නේ. චාමික කරුණාරත්නත් කොවිඩ් වෛරසය සුවවීමෙන් පසුව අපේ කණ්ඩායම එක්ක එකතුවීමට නියමිතව තිබෙනවා. කුසල් මෙන්ඩිස්ගේ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ශාවක් පොසිටිව් වෙලා තියනවා. තමත් හරියටම ඔහු පොසිටිව් ද නෙගටිව් ද කියලා ස්ථිරවම කියන්න බැහැ”
“චාමික කරුණාරත්න හා නුවන් තුශාර දෙදෙනාම කොව්ඩ් ආසාදනය වීම නිසා පහුවෙලා තමයි අපේ කණ්ඩායමත් එක්ක එකතු වුණේ. චාමික කරුණාරත්නට තව දවස් තුනක් තියනවා. ඒ දව තුනේදී පුහුණුවීම් කරන ආකාරය අනුව තමයි ඔවුන්ට පලමු තරඟය ක්‍රීඩාකිරීමට හැකියාවත් තිබෙනවා ද කියලා තීරණය කිරීමට ලැබෙන්නේ.”
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන්නෙක් වන ලසිත් මාලිංග මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශකවරයකු ලෙස කටයුතු කරන අතර, මේ සම්බන්ධයෙන් දසුන් ශනක ප්‍රකාශ කර සිටියේ ලසිත් මාලිංගගේ පැමිණීම කණ්ඩායමට ලොකු ශක්තියක් බවයි.
“ලසිත් මාලිංගගෙන් අපේ ක්‍රීඩකයින්ට ලැබෙන සහයෝගය ඉතාමත් විශිෂ්ඨයි. ඔහු සියලුම සිටුවේශන් වල ඉදලා ඒ ඒ අවස්ථාවලදී පන්දු යවලා තියනවා. ඒ වගේ හිටපු ක්‍රීඩකයෙක් අපේ ක්‍රීඩකයින්ව පුහුණුකරන්න පැමිණීම ගැන අපිට ලොකු ශක්තියක් කියලා මම හිතනවා.”
මේ අතර, නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇති බවද දසුන් ශානක පවසා සිටියා.
“ජාත්‍යන්තර හැම තරඟයක්ම වගේ ලොකු අභියෝගයක් තියනවා. අනිවාර්යයෙන්ම අපේ කණ්ඩායමට ඔවුන්ව පරාජය කරන්න හැකියාව තියනවා. මොකද, අපේ කණ්ඩායමෙත් හැකියාව උපරිම මට්ටමට ලඟාවුණ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉන්නවා. ඕස්ට්‍රේලියාව පසුගිය ලෝකශූරයින් වුනත් අපි ඔවුන්ට හොඳ තරඟයක් දීලා තරඟාවලිය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ”
ආබාධයක් හේතුවෙන් පසුගිය සිම්බාබ්වේ එක්දින තරඟාවලියට ක්‍රීඩා නොකළ වනිඳු හසරංග වෙනුවට ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩසේ එම තරඟාවලියේදී හොඳින් දස්කම් දැක්වූ අතර, මෙවර තරඟාවලියේදී වනිඳු හා මහීශ් සිටින බැවින් ඔහුට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට දසුන් ශානක අදහස් දැක්වූවා.
“වනිඳු හසරංග හා මහීශ් තීක්ශණත් එක්ක අපි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහීශ් තීක්ශණ අලුත් පන්දුවෙන් පන්දු යවනවා, වනිඳු හසරංග ප්‍රතිවාදී පිතිකරුවන්ට අභියෝගයක් වන අයුරින් පන්දු යවනවා. යම් හෙයකින් වනිඳු හසරංග කුමක් හෝ ආබාධයකට ලක්වුණහොත් විතරයි ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට එක්තු වන්නේ.”
අවසාන වශයෙන් ඕස්ට්‍රේලියා තණතීරු වලට ගැලපෙන වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය හා, අවසන් විස්සයි විස්ස තරඟාවලියේදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත වූ කුසල් ජනිත් මෙවර තරඟාවලිය සඳහා ක්‍රීඩා නොකර බැවින් මෙවර කඩුලු රකීමේ කාර්යය සිදුකරන ක්‍රීඩකයා සම්බන්ධයෙන් දසුන් ශානක ප්‍රකාශ කළේ මෙවන් අදහසක්,
“ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ වේගපන්දු යවන්නන්ට උචින වන ආකාරයට තණතීරු නිර්මාණය කරන්නේ. ඒ නිසා අපි ලෝක කුසලානයේදී ක්‍රීඩා කළ ආකාරයටම වේගපන්දු යවන්නන් දෙදෙනෙක් එක්ක තුන්ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් හා දඟපන්දු යවන්නන් දෙන්නෙක් ක්‍රීඩා කරනවා.”
“මේ වන විට අපේ සංචිතයේ කඩුලු රකින්නන් විදිහට කුසල් මෙන්ඩිස්, දිනේශ් චන්දිමාල් හා කමිශ් මිශාර ඉන්නවා. කුසල් මෙන්ඩිස් සමඟින් ක්‍රීඩා කිරීමට හැකියාවක් තිබේද කියලා තවම ස්ථිර තීරණයක් නොමැති නිසා ගොඩක් දුරට දිනේශ් චන්දිමාල් කඩුලු රැකීමේ කාර්යය සිදුකරයි.”