කුසල් මෙන්ඩිස්, දික්වැල්ල හා දනුශ්කගෙ දේශීය ක්‍රිකට් තහනම ඉවත් කිරීමට තීරණය කරයි.

කුසල් මෙන්ඩිස්, දනුශ්ක ගුණතිලක සහ නිරෝශන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට නියම කළ දේශීය ක්‍රීකට් තරඟ තහනම කොන්දේසි වලට යටත්ව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහෙත් ඔවුන් නැවතර්හ් ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ නම් නියමිත දඩ මුදල වන රුපියල් කෝටියක දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවිය යුතු බව සඳහන් වෙනවා.

 

 

පසුගිය ජූලි මාසයේදී එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ජෛව ආරක්ශිත බුබුල කැඩීමෙන් පසු මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්ද, මාස 6ක දේශීය ක්‍රිකට් තහනමක්ද පනවන ලදී. ඊට අමතරව රුපියල් මිලියන 10ක දඩයක් ද ඔවුන් තිදෙනා හට නියම කෙරෙණි.

 

 

පසුගිය දා පැවතී කළමනාකරණය කමිටු රැස්වීමේදී මෙම ක්‍රීඩකයින් තිදෙනාගේ දේශීය ක්‍රිකට් තහනම අඩු කිරීමට තීරණය කර ඇති අතර, ලබන මාසයේ සිට ඔවුන්ට තම ක්‍රීඩා සමාජ නියෝජනය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

 

 

“දඩ මුදල් ගෙවීමට යටත්ව ඔවුන් තිදෙනාට යලි දේශීය තරඟාවලියට ක්‍රීඩා කිරීමට ඉඩ දෙන බව අපි අමාත්‍යාංශයට දැනුම් දෙනවා” ලෙස මොහාන් ද සිල්වා මහතා ඩේලිමිරර් පුවත් පතට පවසා තිබෙනවා.

 

මෙම ක්‍රීඩකයින් තිදෙනාට මනෝ උපදේශකවරයෙකු හමුවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නියෝග කර ඇති බව තහනම ඉවත් කිරීම සඳහා තීරණාත්ම සාධකයක් වන අවසන් වාර්ථාව තවමත් ඔවුන්ට ලැබී නැහැ. නමුත් ඔවුන් තිදෙනා මනෝ උපදේශකවරයා හමුවේ ධනාත්මකව ප්‍රතිචාර දක්වා ඇති බව වාර්ථා වෙනවා.

 

 

ක්‍රීඩකයින් තිදෙනාට පනවන ලද මාස හයක දේශීය ක්‍රිකට් තරඟ තහනම දෙසැම්බර් 28 වෙනිදා අවසන් වීමට නියමිතයි. එහෙත් ඊට පෙර තරඟ තහනම් ඉවත් නොකෙරුවහොත් මේ මාසයේ ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ සීමිත ඕවර් තරඟාවලියට සහ දෙසැම්බර් මාසයේදී ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය වලට සහභාගි වීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වෙනවා.

 

 

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිළ තේමා ගීතය මෙතනින් බලන්න. (Click)

 

පැපුවානිව්ගිනියාව සමඟ පැවතී පුහුණු තරඟයේ පැතුම් නිස්සංක ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ දක්ශතා මෙතනින් බලන්න. (Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *