“කුසල් මෙන්ඩිස් , ධනුෂ්ක ගුණතිලක ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වන බවට වාර්තා අසත්‍යයි”

නිමා වූ එංගලන්තය සංචාරය අතරතුරේදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවන් තිදෙනෙක් වන නිරෝශන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලක තරඟාවලිය අතරතුරේදී රාත්‍රී කාලයේදී වීදි සංචාරයේ යෙදීම හේතුවෙන් තරඟාවලිය අතරතුරේදී යළි ලංකාව වෙත ගෙන්වා නිරෝධායනය සඳහා යොමු කර තිබුණා.


ඉන් අනතරුව කළ පරීක්ශනයෙන් අනතුරුව මෙම ක්‍රීඩකයින් තිදෙනා හට වසරක ජාත්‍යන්තර ක්‍රීකට් තරඟ තහනමක් හා මාස 6ක දේශීය ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් කටයුතු කරනු ලැබුවා.


ඉන් අනතරුව සමාජ මාධ්‍ය තුළ මෙම ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර ඇමරිකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට සූදානම් වන බව පුවත් පළ වූ අතර එම සියල්ල අසත්‍ය බව කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලකගේ පෞද්ගලික කළමනාකරු විසින් ප්‍රකාශයක් සඳහන් කර තිබුණා.


කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලකගේ පුද්ගලික කළමණාකරු

වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ඉවත් වී ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වන බවට පළවන සියලූම වාර්තා අසත්‍ය බව කුසල් මෙන්ඩිස් ගේ හා ධනුෂ්ක ගුණතිලක ගේ පුද්ගලික කළමණාකරු පවසනවා.

කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක තමන්ට පනවා ඇති වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් සිදු කර ඇති පසුබිමක ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වන බවට අසත්‍ය තොරතුරක් කිසියම් සංවිධානාත්මක පිරිසක් ප්‍රචාරය කරමින්  සිදු කරන බවයි  කුසල් මෙන්ඩිස් ගේ හා ධනුෂ්ක ගුණතිලකගේ පුද්ගලික කළමණාකරු අසංක විජේවර්ධන වැඩිදුරටත් පැවසුවේ.

KUSAL MENDIS

 

 

DANUSHKA GUNATHILAKA

NIROSHAN DICKWELLA

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *