කුසල් මෙන්ඩිස් හට නැවත ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලබාදීමට කාලය පැමිණ ඇත – සමිත් පටෙල්

දෙවන වරටත් පැවැත්වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරමින්, සාර්ථක ලෙස නිමාවට පත් වූ අතර, මෙම තරඟාවලිය මීට පෙර තරඟ තහනමකට ලක් වූ කුසල් මෙන්ඩිස් , නිරෝශන් දික්වැල්ල හා දනුශ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනාම ක්‍රීඩා කරනු ලැබූවා.

 

මෙවර ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස්, තරඟාවලිය පුරාවට තරඟ 10ක් ක්‍රීඩා කර, ලකුණු 327ක් ලබාගනිමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු විසින් අර්ධ ශතක දෙකක් ලබාගැනීමට සමත් විය.

 

මේ අතර, ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ එංගලන්ත හිටපු ක්‍රීඩක සමිත් පටෙල්, කුසල් මෙන්ඩිගේ මෙම දක්ශතාවය දකිමින්, ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු විසින් ට්විටර් පණිවිඩයක් එක් කරමින් පවසා ඇත්තේ තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගත් කුසල් මෙන්ඩිස්, තරඟාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට තිබූ බවත්, නැවතත් කුසල් මෙන්ඩිස් හට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදිය යුතු කාලය පැමිණ ඇති බවයි.

කෙසේ නමුත්, අවසානයේදී තරඟාවලියේ වීරයා සම්මාන ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු විසින් දිනාගත් අතර, කුසල් මෙන්ඩිස් හට නැවත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැක්කේ ලබන වසරේ ජුනි මාසයේ බව ක්‍රිකට් ආයතන පවසයි.

 

මෙවර තරඟාවලියේ තරඟ 10ක් ක්‍රීඩා කරමින් ලකුණු 268කට කඩුලු 16ක් ලබාගත් සමිත් පටෙල් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ අතර, ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වූයේ ලකුණු 13කට කඩුලු 3ක් දවාගැනීමයි.

 

ඊට අමතරව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩක මහීශ් තීක්ශණ තරඟ 10කදී ලකුණු 268කට කඩුලු 16ක් ලබාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන අතර ඔහුගේ හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 25කට කඩුලු 4ක් දවාගැනීමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *