කුසල් මෙන්ඩිස් හා වනිඳු හසරංග, රෙඩ් කණ්ඩායමට ජයගෙන එයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) SLC Invitational T20 League 2022 තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය ලෙස ඊයේ (13) පැවතී බ්ලූ (Blue) කණ්ඩායම හා රෙඩ් (Red) කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 33ක ජයක් ලබාගැනීමට රෙඩ් කණ්ඩායම සමත්වුණා..
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදීමට රෙඩ් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 178ක් ලබාගැනීමට සමත්වුණා.
රෙඩ් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක කුසල් මෙන්ඩිස් විශිෂ්ඨ අර්ධ ශතකයක් රැස්කර ගත් අතර, ඔහු පන්දු 60ක් අවසානයේදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, කුසල් මෙන්ඩිස් සමඟින් එක්ව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග පන්දු 41කදී හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් සමඟින් වේගවත් ලකුණු 69*ක් ලබාගත් අතර, භානුක රාජපක්ෂ ද පන්දු 14කදි ලකුණු 14ක් ලබාගැනීමට සමත්වුණා. කුසල් මෙන්ඩිස් හා වනිඳු හසරංග 4 වන කඩුල්ල සඳහා ගොඩනැඟූ සබඳතාවය ලකුණු 125ක්.
පන්දු යැවීමේදී, සුමින්ද ලක්ශාන් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 29කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, චාමික කරුණාරත්න , ඩිල්ශාන් මධුශාංක ද එක් කඩුල්ල බැඟින් බිඳ දැමීය.
අනතුරුව ලකුණු 179ක ඉලක්කයක් ලබායෑම සඳහා පිටියට පිවිසී බ්ලූ (Blue) කණ්ඩායම හට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 145ක් පමණයි.
බ්ලූ කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සදීර සමරවික්‍රම පන්දු 38කට මුහුණදෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 25කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් හා අශේන් බන්ඩාර පන්දු 27කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබාගත් අතර නායක දනංජය ද සිල්වාට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 15ක් පමණයි.
පන්දු යැවීමේදි සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 18කට කඩුලු 2ක් බිඳ දැමූ අතර අසිත ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 2ක් හා මහීශ් තීක්ශනත් , දුනිත් වෙල්ලාලගේ ද එක් කඩුල්ල බැඟින් බිඳ දැමීමට සමත්විය.
ඒ අනුව, මෙම තරඟයෙන් බ්ලූ කණ්ඩායම ලකුණු 33කින් පරදා රෙඩ් කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ පිත්තෙන් ලකුණු 69ක් හා පන්දුවෙන් කඩුලු 2ක් බිඳ දැමූ වනිඳු හසරංග වේ.
වනිඳු හසරංගගේ වේගවත් ඉනිම වීඩියෝව. (Video)
Waniya pic.twitter.com/iZWtFnoNxj
— Stay Cricket (@staycricket) August 13, 2022