කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව වනිඳු හසරංගගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්.

 

(වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීමේ වීඩියෝව පහළින්ම නැරඹිය හැක) 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 6 වන තරඟය ලෙස පැවතී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 3ක ජයක් වාර්ථා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක Faf du Plessis පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 18.5 අවසානයේදී සියලුදෙනාම දැවී ලබා ගැබනීමට හැකිවූයේ ලකුණු 128ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Andre Russell පන්දු 18කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව Umesh Yadav පන්දු 12කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබාගත් අතර අන්කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවටවත් ලඟාවීමට බැංගලෝර් කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩලබා දුන්නෙ නෑ. Sam Billings පන්දු 15කදී ලකුණු 14ක් ලබාගනිද්දී, කොල්කටා නායක Shreyas Iyer හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 13ක් පමණි.

 

පන්දු යැවීමේදී බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩක වනිඳු හසරංග විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. වනිඳු හසරංග හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වන්නේ ශ්‍රෙයාස් අයියර්, සුනිල් නරේන්, ෂෙල්ඩන් ජැක්සන් හා ටිම් සවුති වේ.

 

ඊට අමතරව Akash Deep පන්දුවාර 3.5 අවසානයේදී ලකුණු 45කට කඩුලු 3ක් බිඳ දැමූ අතර Harshal Patel ලකුණු 11කට කඩුලු 2ක් හා Mohammed Siraj ලකුණු 25කට එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්විය.

අනතුරුව ලකුණු 129ක පහසු ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍රෝයල් චැලෙන්ජර්ස්  කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

බැංගලෝර් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Sherfane Rutherford පන්දු 40 කදී එක් හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව Shahbaz Ahmed පන්දු 20කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබාගත් අතර, David Willey පන්දු 28කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ද ලබාගැනීමට සමත්විය. බැංගලෝර් කණ්ඩායමේ නායක Faf du plessis හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 5ක් පමණයි. අවසානයේදී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය දිනේශ් කාර්තික් පන්දු 7කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14 ක් හා Harshal Patel පන්දු 6කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු නොදැවී 10ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ටිම් සවුති පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 3ක් බිඳදැමූ අතර Umesh Yadav ලකුණු 16කට කඩුලු 2ක් හා Sunil Narine , Varun Chakravarthy අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර තරඟාවලියේ පලමු ජය ලබාගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 20කට කඩුලු 4ක් බිඳ දැමූ වනිඳු හසරංග වේ.

වනිඳු හසරංග ලබාගත් කඩුලු 4 මෙන්න (වීඩියෝව) ,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *